IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස් බස් ගැටී 20කට තුවාල

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය පල්ලිය ආසන්නයේ වංගුවේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා වතුපිටිවල හා වරකාපොල රෝහල්වලට ඇතුළත් කළ බව දංඕවිට පොලිසිය කියයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන්ගත් උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකි.

පොලිසිය හා ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මකවී තුවාලකරුවන් රෝහල් කරා යැවීමට පියවර ගෙන ඇති අතර ඉතාමත් සුළු තුවාල ලැබූ කිහිප දෙනෙක් බාහිර ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිසිය කියයි.  

බස් රථ දෙකේ රියදුරන්ද තුවාල ලබා ඇති බව අනාවරණය වී ඇති අතර එක් රියදුරකු අනතුරින් පසු පලාගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි හෙලි කර ගැනීමටද පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය සදහන් කලේය.

මෙම අනතුර නිසා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිරවී පැවතිණි. පුද්ගලයන් 15 ක්  රෝහලට ඇතුලත් කර ඇති බවද තුවාලකරුවන්ගේ තත්තවය බරපතල නොවන බව වරකාපොල රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

 



අදහස් (2)

බස් බස් ගැටී 20කට තුවාල

Pradeep Kumara Monday, 01 July 2024 10:29 AM

දිනෙන් දිනම මාර්ග අනතුරු සිදුවන ප්‍රමාණය වැඩි වෙනවා. මේවා මැඩලීමට හෝ අවම කර ගැනීමට කිසිදු යාන්ත්‍රණයක් පේන තෙක් මානයකවත් නෑ. මේ විනාශ වෙලා යන්නේ රටේ තියන සම්පත් නේද, අහිමිව යන්නේ රටේ පුරවැසියන් නේද? ඇත්තෙන්ම අපේ රටින් පිටට ගියාමයි වැටහෙන්නේ අනෙකුත් රටවල පොදු ප්‍රවාහන සේවා කොතරම දියුණුද, කාර්යක්ෂමද කියලා. ඒ තත්වයට ලංකාව ගේන එක හීනයක්.

:       1       12

pradeep Monday, 01 July 2024 12:05 PM

හොඳම විසඳුම පාර මැදින් වෙන් කිරීමයි. මැද දූපතක් වගේ සිටින සේ මැදින් යකඩ වැටක් හෝ පදිකයික් මගින් මහා මාර්ගය වෙන් කළ යුතුයි. මුහුණට මුහුණ සිදුවන වාහන අනතුරු 100% නතර කර ගත හැකියි. දියුණු රටවල මාර්ග සකස් කර ඇත්තේ ඒ අයුරින්. එසේ නොකරන තාක්කල් වෙන විසඳුමක් නොමැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site