
(නිමල කොඩිතුවක්කු)
වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු සහ ත්‍රිරොද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 31 සිට 35 දක්වාත් සෙසු බස් ගාස්තු සියයට 20ත් 25 ත් අතර ගණනකින් වැඩිකිරීමට සිදුවන බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.
වැට් බද්ධ වැඩි කිරීම හේතුවෙන් බස් රථ වල අමතර කොටස් සහ සේවා ගාස්තු විශාල ලෙස ඉහළ යනු ඇති බවත් ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම වැට් බද්ධ සමග ඉන්ධන මිළ ඉහළ යන බවත් බස් කර්මාණ්තය පවතිවා ගැනීම සඳහා රජයෙන් සහනයක් අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ අතර ත්‍රි රෝද රථ ගාස්තු ද අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ත්‍රී රෝද රථ සංගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව දෙවන කිලෝමිටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 80 සිට 100 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ද ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් - ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට
රට පෙරට Monday, 01 January 2024 07:34 AM
පෙට්‍රල් ලීටරය විස්සක් වැඩිවුනා කියලා කිලෝමීටර් එකට විස්සක් වැඩිවීම කියන්නෙ ටුක්ටුක්කො ආදායම් අඩුකර ගන්න දරණ උත්සාහ කිරීමක් වෙන්න පුළුවන් අනෙකුත් උපාංග මිල වැඩිවීමට සමගාමිව රුපියල් පහක් වැඩිකිරීම සාධාරණයි කියන්න පුළුවන්
දිමුත් Monday, 01 January 2024 10:36 AM
හැබැයි තෙල් මිල අඩු වුණාම ඔය කවුරුවත් මිල ගණන් අඩු කලේ නැහැ! හොඳම දේ තමන්ට පුලුවන් ප්‍රමාණය පයින් යන එක තමයි.
Kazi Shajahan Monday, 01 January 2024 03:10 PM
කියන්න බලන්න උත්තර මේකට අත උස්සපු ගොන් රැළ.., පව්, අසරණ මිනිස්සු කන එකවත් හරියට කන්න නැහැ... මේ අයට බදු ගෙවලා.