IMG-LOGO

බස් - ත්‍රිරෝද රථ ගැටී තුනක් මරුට

(නිමල් ජයරත්න සහ කරුණාරත්න ගමගේ)

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසල දී අද අලුයම පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් තිදෙනකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල අරුණපුර පදිංචිව සිටි යූ. ඩබ්ලිව්. ජී. රණ්බන්ඩා , ඔහුගේ බිරිඳ වන 62 වියැති පී. කේ. නන්දාවති සහ එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් ඔවුන්ගේ ඥාතිවරියක් වන ටී. ජී. විමලා රන්දෙණිය යන 72 වියේ පසුවන කාන්තාවක් බව  මනම්පිටිය පොලිසිය පවසයි.

ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිරිස අරලගංවිල අරුණපුර සිට මාතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුරට පත් පෞද්ගලික බස්රථය පොලොන්නරුව දෙස සිට මඩකලපුව ශීක්ෂණ රෝහලට කාර්ය මණ්ඩලයේ පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බව ද පොලිසිය කියයි

අනතුරුට සම්බන්ධ බස් බස්රථයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය ය

ත්‍රිරෝද රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වූ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.



අදහස් (0)

බස් - ත්‍රිරෝද රථ ගැටී තුනක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site