IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බස් - ටිපර් අනතුරින් 51කට තුවාල

(සිතුම් චතුරංග සහ රෝමේෂ් මධුෂංක)

යාපනය, නුවර ඒ නවය මාර්ගයේ පලෙයි මුහමාලෙයි හි බස්රථයක් හා ටිපර් රථයක් අද(15) දහවල් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 51 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය කියයි.

බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් වන හෙලෝ ට්‍රස්ට් ආයතනයේ සේවකයන් පිරිසක් රැගෙන ආ බස්රථයක පලෙයි ප්‍රදේශයේ සිට යාපනය දක්වා ගමන්ගත් ටිපර් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

බස් රථය සේවකයන් සමඟ බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනය වෙත බස්රථය ඇතුල් කිරීමට උත්සහ කිරීමේදී අධික වේගයෙන් පැමිණ ඇති ටිපර් රථය ගැටී බස්රථය පෙරළී ගොස් අනතුරටලක්ව ඇති බවත් පැවසීය.

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් ප්‍රදේශවාසීන් හා හෙලෝ ට්‍රස්ට් ආයතනයේ සෙසු සේවකයන් සමඟ රෝහල් ගතකරනු ලැබීය.

තුවාල ලැබූ පිරිසගේ තත්වය බරපතල නොවන බවත් බහුතරයක් සුළුතුවාල පමණක් ලබා ඇති බවට රෝහල් ආරංචිමාර්ග සඳහන් කරති.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු හෙට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

බස් - ටිපර් අනතුරින් 51කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16941 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site