(යොහාන් භාසුර)
ඩීසල් මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් ඉහළ දැමුව ද බස් ගාස්තු ඉහළ නොදමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පැවසීය.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 4 කට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව කී විජේරත්න මහතා රුපියල් 10 කින් මිල ඉහළ යෑම සියයට 2 පමණ ප්‍රතිශතයක් බව ද සඳහන් කළේය.
මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් ජාතික ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවත් එයට පිළියමක් ලෙස පෙරගෙවුම් කාඩ්පත හැකි ඉක්මණින් සියලුම බස් රථවල ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් ගාස්තු ඉහළ යන්නේ නෑ
අරවින්ද මොනරවිල Monday, 02 October 2023 01:22 PM
රනිල්ට කඩේ යන නිසා බස් ගාස්තුව වැඩිකර ගන්න දඟලන්නේ නැහැ.