IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ගමන් ගත් 12දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙක් පැවසීය.

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටියේ.

අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.



අදහස් (5)

බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි

ගුණරත්න Wednesday, 14 May 2025 05:49 PM

"දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ "

:       0       1

dasun Wednesday, 14 May 2025 07:50 PM

වහාම මාර්ග බාධක යොදා රියදුරන්ගේ ගංජා, අයිස්, කුඩු පරීක්ෂා කිරීම ආරම්භ කළ යුතුව ඇත.

:       4       25

රට වැසියා Wednesday, 14 May 2025 08:10 PM

රථ වාහන ප්‍රමාණය වර්ධනය වන තරමට මාර්ග පද්ධතිය ප්‍රසාරණය වන්නේ නැත. අනාරක්ෂිත මාර්ග පද්ධතිය, නොසැලකිල්ලෙන් රිය පැදවීම, ඇතැම් තාක්ෂණික හේතු අනතුරුවලට හේතු වේ...

:       1       19

Perera Thursday, 15 May 2025 04:49 AM

කඳුකර මාර්ග වල වාහන ධාවනය ගැන මනා දැනුමක් නැති රියදුරන්, පල්ලම් බසින විට වාහනය වේගයෙන් ධාවනය කරමින් තිරිංග නිරතුරුව ක්‍රියාත්මක කිරීමෙන් තිරිංග පද්ධතිය අධික ලෙස රත් වී සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වෙනවා. එවිට මෙවැනි අනතුරු සුලභව දැකිය හැකිය.

:       0       1

සාලිය Thursday, 15 May 2025 07:48 AM

කටුගෙට යන්න ඕන වාහන, පව් අසරණ මිනිස්සු අලුත් වාහනේක යන්න විදියක් නැතුව පෙරලිලා මැරිලා යනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site