IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බස් එන්ජින් ගැහිලි ගොඩක් විගණන වාර්තාවකින් එළියට

(සුජිත් හේවාජුලිගේ)

රුපියල් කෝටි 116 ක වියදමකින් මිලදීගෙන තිබූ එන්ජින්  489 ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදී තිබුණත් බස්රථ එකසිය හැත්තෑ දෙකක් සඳහා එම එන්ජින් සවිකර නොතිබුණු බව නිරීක්ෂණයවී යැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මිලදී ගනු ලැබ තිබූ  එම එන්ජින් ලංකා ගමනාගමන මණ්ඩලයට  ලබාදී ඇතැයි පැවසෙන්නේ  2017 වර්ෂයේදීය.

මණ්ඩලය එන්ජින් සවි කළ යුතු බස්රථ  පිළිබඳව අදාල ප්‍රාදේශිකවලින් කර තිබූ තොරතුරු කැඳවීමක් අනුව  ප්‍රාදේශීය ඉංජිනේරුවරුන්  විසින් එන්ජින් සවිකළ යුතු බස්රථ පිළිබඳව  ලේඛනයක් ඉදිරිපත්  ඉදිරිපත් කරනු ලැබ තිබිණ. 

කෙසේ වෙතත්   නිර්දේශිත බස් රථ සඳහා එන්ජින් සවි නොකර තිබූ අවස්ථා 172 ක්  නිරීක්ෂණයවූ බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර නව එන්ජින් කට්ටල සවි කිරීම සඳහා බස්රථවලින් ගලවන ලද එන්ජින් එකසිය විසි හතරක් අලුත්වැඩියාවකින් තොරව පාවිච්චි කළ හැකි හොඳ තත්වයේ පැවති  ඒවා බවද  විමර්ශනවලදී තොරතුරු අනාවරණයවීඇත.

ප්‍රාදේශීය වැඩපොළවලට සහ ජර්මන් කාර්මික විද්‍යාලයට  ලබාදී අලුත්වැඩියා කර ගත් එන්ජින් 86ක්  අදාල ඩිපෝවලට ලැබී නොතිබුණු බවද  විගණන කාර්යාලය පවසයි.

මේ අතර මණ්ඩලයේ අවශ්‍යතාවයට මිලදීගත් රුපියල් කෝටියකට ආසන්න වටිනා ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් 2018 අගෝස්තු 28 වෙනිදා වනවිටත්  කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.

මේ තොරතුරු ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  2017 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.



අදහස් (2)

බස් එන්ජින් ගැහිලි ගොඩක් විගණන වාර්තාවකින් එළියට

Hafeel Tuesday, 20 December 2022 03:19 PM

2017 වර්ෂයේදී වෙච්ච මෙම දුෂණ ගනුදෙනුව දැන්ද විගණන කරන්නේ? දැන්වත් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ, නැවත නැවත මේ දුෂණ දේශපාලකයන්ව පාර්ලිමේන්තුවට යවනවද කියල. දැන්වත් අවදි වන්න.

:       0       5

නලින්Tuesday, 20 December 2022 06:38 PM

එද සිටියේ කුමාර වෙල්ගම නෙද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site