
(යොහාන් භාසුර)
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පෞද්ගලික ධන පරිත්‍යාගශීලින් රැසක් ඉදිරිපත්ව සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පැවසීය.
මහාමාර්ග අමාත්‍යංශයේ අද (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා එසේ පැවසීය.
ගැරඩිඇල්ල බස් අනතුරින් මියගිය 23 දෙනා වෙනුවෙන් ජනාධිපති කාර්යාලය රුපියල් ලක්ෂ දහයක වන්දි මුදල එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිණුම්වලට වෙත ඊයේ බැර කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු මැදිහත්වීම මත මෙම වන්දි මුදල් මියගිය අයගේ පවුල් වෙත කඩිනමින් දීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අනතුරුවලින් තුවාල ලැබූවන් 54 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ රෝගී සහ ශාරීරික තත්වයන් සැලකිල්ලට ගෙන එම මගීන්ට ද ඉදිරියේදී වන්දි පිරිනැමීමට ද රජය තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ ඊට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ද මියගිය මගියෙකු වෙනුවෙන් රුපියල් විසිපන්දහස බැගින් වන්දියක් ද පිරිනමන බවත්ය.
කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් ගත් මෙම බස් රථය පසුගිය 11 වැනිදා කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්වූ අතර එහිදී තුවාල ලැබූ 54 දෙනා අතර දරුවන් තිදෙනෙකු ද සිටිති.
එම දරුවන් තිදෙනාගෙන් දරුවෙකුගේ මව්පියෝ අනතුරින් ජිවිතක්ෂයට පත්වූහ.
2025 නොවැම්බර් මස 04
682
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට