
(එච් එම් ධර්මපාල)
දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ටෙම්පල්පාර පලවන හරස් පටුමග පදිංචිව සිටි ත්‍රීරෝද රථ රියදුරකු වන දෙහිවලගේ ඇන්ටන් ක්‍රිශාන්ත නම් ( 56 ) හැවිරිදි විවාහක අයෙකුවේ .
ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 හා 155 දරන බස්රථ දෙකක් මෙලෙස අනතූරට පත්ව ඇති බවත් පොලීසිය කියයි .
මෙම බස් රථ දෙක ගල්කිස්ස දෙස සිට මාර්ගයේ තරගයට ධාවනය කරමින් රංඩූ වෙමින් පැමිණ ඇති අතර, දෙහිවල මංසන්ධියේ ප්‍රධාන වීථි සංඥා පුවරුව පසුකර බිම් මාර්ගයෙන් කොළඹ දෙසට ධාවනය කරමින් එකීනෙක ඉස්සර කිරීමට උත්සාහ කරනූ ලැබු අවස්ථාවේ දී මෙම අනතුර සිදු ඇත.
ත්‍රීරෝද රථය බස් රථ දෙකට මැදිවීමෙන් රියදුරු ඒ තුල බරපතල තුවාල ලබා ත්‍රීරෝද රථය තුලම මිය ගොස් සිටියදී දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබු බව පොලීසිය කියයි .

COMMENTS
පෞද්ගලික බස් සේවය නියාමනය කිරීමට තව ජීවිත කීයක් නැති වෙන තුරු සිටිය යුතුද ?