
(ප්‍රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන් රථයක ගැටීමෙන් හත්දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල ,බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
තුවාලකරුවන් අතර කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු සිටින බවත් , ඔවුන් අතර පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා , ත්‍රීරෝද රථ රියදුරු ද සිටින බවත් පොලිසිය කීය .
තුවාල ලැබූ කාන්තාවන් සිව්දෙනා සහ අනෙක් පුද්ගලයා පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගීන් බවද පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd