IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


බස්වලින් රතු එළියක්

(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)

ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික බස් රථ සමිති අද (5) පස්වරුවේ පවසති.

වර්ජනයකින් තොරව මෙම අසීරුතාව මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබුණ ද මේ දක්වා සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් මෙම සතියේ ඉදිරි දින කීපයේදී එම අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන වන බවත් පෞද්ගලික බස් රථ සමිති නායකයෙක් ‘ලංකාදීපය’ට පැවසීය.

බස් රථවල අමතර උපාංග සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසිය පසුගිය දිනවල කටයුතු කළ ආකාරය පිළිබඳව බස් රියදුරයන් සහ සහයකයන්ගෛන් දැඩි විරෝධයක් ඇති බවත් එම විරෝධය බස් වෘත්තීය සංග‘ම්වලට පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇති බවත් එම නායකයා කීය.

බස් වර්ජනයකට යෑමෙන් තොරව මෙම ප්‍රශ්න විසඳාගැනීමට උත්සහ කරන බව කී බස් සංගම් නායකයෙක් ආණ්ඩුව මෙම ගැටලුවට ලබන බඳදා වන විට ස්ථිර විසඳුමක් නොදුන හොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද සඳහන් කළේය.

පොලිසිය බස් රථ ගාල්කර තිබෙන ස්ථානලට ද පැමිණ ඒවායේ සවිකර තිබෙන අමතර උපාංග පරීක්‍ෂා කරන බවත් එම උපාංග බොහෝමයක් පැවැති ආණ්ඩුවලටට මුදල් ගෙවා සවිකළ ඒවා බවත් බස් රථ සේවකයෝ පවසති.

 



අදහස් (20)

බස්වලින් රතු එළියක්

nirmitha Sunday, 05 January 2025 05:36 PM

ක්ලින් ශ්‍රී ලංකා යටතේ කට්ටඩි වැඩ, නිවාස වල පවත්වන දේවාල, රෝග සුවකිරීම්, රැකියා ලැබීමට කරන පූජා, හඳහන් බැලීම වැනි වංචා ක්‍රියා නියාමනය කරන්න.

:       6       109

AjithMonday, 06 January 2025 02:30 AM

මේක කළ යුතුම දෙයක්, විශේෂයෙන් විවිධ ක්‍රම වලින් රෝග, පිළිකා සුවකරනවා යැයි කියන අය ගඅන විමර්ශනයක් රඡය මැදිහත් වීමෙන් කළ යුතුයි.

:       1       17

රම්බොඩ Sunday, 05 January 2025 05:36 PM

අමතර දේවල් සවි කළාම අනතුරකදී ඒවගේ වැදිලා මිනිසුන්ට වැඩිපුර හානි වෙන වග ප්‍රකාශ කරලානේ තියෙන්නේ. අලි එලවන්න වගේ නලා හයි කරගෙන, තෙරන් වගේ ලයිට් දාගෙන, වෙනම ලෝකෙක එයාලා ඉන්⁣නේ. විනයක් නෑ. මගීන්ට ගරු කරන්නේ නෑ. මේවා හැදෙන්න ඕනෑ.

:       5       227

Janindu Sunday, 05 January 2025 05:58 PM

නීතියට ගරු කරන පුරවැසියන් විදියට මොවුන් ස්ට්‍රයික් කළොත් අපි කට්‍ට කන්නම්. ඒත් මේ‍ clean sri lanka වැඩසටහන නවත්තන්න එපා...

:       11       222

බස්තියන් Monday, 06 January 2025 06:22 PM

ජනිඳු හරියටම හරි... ඇත්තටම රියැදුරු අසුන ඉදිරියේ වීදුරුව නැත්නම් වින්ඩ්ස්ක්‍රීන් එකේ ඉහළිනුත් පහළිනුත් නොයෙක් ආකාරයට ස්ටිකර් අලවා තියෙනවා. මගියෙකුට බහින තැනවත් සොයාගන්න එක හරිම බාධාවක්ව තියෙනවා. නැවතුම සොයන්න පාපුරුවට යන්න වෙනවා. ඒත් එතැන හරස්කරගෙන කොන්දා (බස් පලුවා) ඉන්නවා. මගීන්ට ටිකට් දෙන්නෙත් නැහැ... ඉතිරි මුදල් දෙන්නත් කොළඹම මාර්ග අංකයක් කිව්වොත් 176 පෙන්වා දෙන්න පුළුවන්. ක්ලීන් කරද්දී ටිකට් නොදෙන කොන්දලාත් හොඳට අපුල්ලා පිරිසිදු කරනවා නම් දාහෙන් සැපයි... රටටත් සෙතක් වෙනවා. මේ ක්‍රියාත්මක වීම ඉහළින්ම අගය කරන අතරේ මේවා නොබලන මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ බලධාරීන්ගේ කටයුතුද ක්ලීන් කරන්නත් බලන්නකෝ...

:       0       8

ජයනාත් Sunday, 05 January 2025 06:11 PM

ලෝකෙ මොන රටේද තොරන් වගේ පාරෙ බස් යන්නේ. කණ පැලෙන්න සද්දෙ ඇතුළට නැග්ගාම. මෙයාලාට ඕනෑ විදියට ද රට පාලනය කරන්නේ? පොලිස්පතිතුමනි, අඟලක්වත් පස්සට ගන්න එපා. ස්ට්‍රයික් කරන්න කියන්න. හමුදා දාලා හරි බස් දුවන්න. මෙහෙම කරන්න දෙන්න බැහැ.

:       2       136

සාලිය Sunday, 05 January 2025 06:29 PM

අනිවාර්යයෙන්ම ඔය ලට්ට පට්ට සියල්ල ගලවා ඉවත් කළ යුතුයි. බස් සිංදු මහා සද්දෙට දාගෙන යනවා කන් පැලෙන්න, ඒවා සියල්ල ගලවා ඉවත් කළ යුතුයි, "පුළුවන් නම් නැගපල්ලා බැරිනම් බැහැපල්ලා" සංස්කෘතිය මුලිනුපුටා දැමිය යුතුයි.

:       2       112

Buddika Sunday, 05 January 2025 06:39 PM

රජය කිසිඳු ලෙසකින් මොවුන්ට නැමිය යුතු නැහැ. විනය සහ මනුස්සකම නැතිම පිරිස ත්‍රීවිල් සහ පුද්ගලික බස් රථ. කිසිම විනයක් නෑ. රිය අනතුරුවලදි වැඩිම වගකීම මොවුන්ගේ. ඩ්‍රයිවර් බස් එලවන්නේ පෝන් එක කනේ ගහගෙන.. මිනිස් ජීවිත ගැන කිසිම තැකීමක් නැති මිනිස්සු. මිනිස්සුන්ගේ ඉතුරු සල්ලි නොදී එක දවසකට කෝටි 2 ,3 ක් හොරකම් කරනවා. වර්ජනය කරන්න කියන්න. ඔවුන්ගේ පදේට ආණ්ඩුව නැමෙන්න ඕනෑ නෑ. ඔය මිනිස්සුන්ට වර්ජනය කරලා එක දිගට දින 5ක් ඉන්න බෑ. ලීසින් වාරික, ඇරියස් වෙද්දී වර්ජන ඉවරයි...

:       1       120

Perera Sunday, 05 January 2025 06:50 PM

මොවුන්ට කිසිම විනයක් නැහැ.. නීතිගරුක බවක් නැහැ. වර්ජනය කළොත් බස් රජයට පවරාගෙන දුවන්න.. ඔය මාෆියාවට යට වෙන්න එපා..

:       1       95

Mohan Mangala Mapa Sunday, 05 January 2025 07:02 PM

නීති ඉක්මණට සම්පාදනය කරලා ස්ට්‍රයික් කරන අයට උපරිම දඬුවම් ප්‍රායෝගිකව ලබාදෙන්න, එතකොට හැදෙයි ශුවර්...

:       1       75

පුරවැසියා Sunday, 05 January 2025 07:28 PM

කොහොමද වැඩේ මම ඒත් බැලුවා... මොකද පමා කියලා මේ පාතාලයින්ට පාරේ රඟන්නනේ ඔය ඉල්ලන්නේ.. රජයට අපි කියන්නේ නවත්වන්න එපා... ඔය වැඩේ නැව් වල හෝන් හයිකරගෙන ඉන්නේ ඒ මදිවට දැන් ඩෑෂ්බෝඩ් එක උඩ ෆ්ලැෂර් හයිකරලා පාරේ යන්නම බෑ. මේ ගොල්ලොයි ත්‍රීවිල් කාරයෝයි හින්දා විෂේශයෙන් 174 බස් යන විදිහ බලන්න පාර එයාලාගේ වගේ ඉස්සරවෙලාම මාර්ගනීති වලින් තමා පටන්ගන්න ඕනේ.. අපගේ සම්පුර්ණ සහාය රජයට...

:       0       93

නුවන් විජේවර් ධන Sunday, 05 January 2025 07:45 PM

ලංකාවේ බස්වලට වඩා බස් මගීන් වැඩියි කියන එක ඔය බස් මරුවන්ට මතක් කරන්න කැමැතියි. බස් මගීන් දවස් දෙකක් බස් වර්ජනය කළොත් කාගේද ලීසිං එක හිරවෙන්නේ...?

:       0       88

Sunday, 05 January 2025 08:58 PM

නූගත් අය මොනවා කීවත් නවත්තන්න එපා. හැමදාම ස්ට්‍රයික් කරන්නයෑ...!

:       0       62

Ajith Sunday, 05 January 2025 09:38 PM

රටක විනය බලාගන්න පුළුවන් ඒ රටේ පාරෙන්. මේ රටේ මාර්ගවල විනය බල්ලාට දාලා තියෙන්නේ ප්‍රයිවට් බස්කාරයෝ සහ ත්‍රීවීල්කාරයෝ. මේ අයට නීතිය මීටත් වඩා තදින් ක්‍රියාත්මක කළ යුතුයි. හොඳින් හෝ නරකින් ඔවුන් නීතියට යටත් කළ යුතුයි. වැදගත් මිනිස්සු රටවල් අතඇරලා යන්නෙත් මේ කාලකන්නින් නිසා. මීට අමතරව තව ඩිමෝ බට්ටෝ කියලා වාහන ජාතියකුත් තියෙනවා. ඒවා ගැනත් බලාගන්න.

:       0       9

KUMARA Monday, 06 January 2025 12:02 AM

මේ එක එක හිකනල්ලුන්ට ඕන විදියට කරන්න ගියොත් මේ රටේ කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ. වර්ජන කරන්න. ගේන්න ඕනෑ නීතියක් වර්ජනය කරන ඒවාගේ පර්මිට් අහෝසි කරන බස් එක ඔයාගේ වුණාට පර්මිට් එක පරම අයිතිය රටට...! 

:       0       8

thika Monday, 06 January 2025 09:26 AM

මේ පුද්ගලික බස්රථ නම් නියාමනය කරන්න ඕනෑ. කිසි විනයක් නෑ. මේ අය ස්ට්‍රයික් කළොත් මොවුන්ට විරුද්ධව ජනතාවත් රජයත් එක්ක අත්වැල් බැඳගන්න ඕනෑ. එහෙම නැතිව මේ රට හදන්න බෑ... මාලිමාවට ජය වේවා..!

:       0       15

Bunny Preena Monday, 06 January 2025 11:00 AM

මෙවැනි තර්ජනවලට හොඳම විසඳුම තමයි, අලුතින් බස් දානවට එකතු වෙන්න කැමැති බස් හිමියන්ගෙන් අයදුම් පත් කැඳවලා ලැහැස්ති පිට තියාගන්න එක... මොවුන් තර්ජන, ගර්ජන කරලා වර්ජනය කරපු ගමන් එව්වා අවලංගු කරලා අලුතින් ඉල්ලුම් කරපු අයට අවස්ථාවක් ලබාදෙන එකයි.

:       0       15

ගමේ එකාලා Monday, 06 January 2025 12:12 PM

බස් කාරයින්ට ඕනෑ විදියට වැඩ කරන්න ඉඩ නොදිය යුතුමයි.

:       0       15

කමනි Monday, 06 January 2025 12:45 PM

ජනතාව කිසිම විටෙක මේ මගමරුවන්ගේ පැත්ත ගන්නේ නැහැ. මේ මහමග ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව මුදාගන්න එක පාලකයින්ගේ වගකීමක්. මෙය දිගටම සිදු කරන්න...

:       0       13

මගියා Monday, 06 January 2025 07:34 PM

මේ බස් කාරයෝ රටට පිළිලයක් පොලිසියේ වැඩපිළිවෙල අගය කරමි. තව තවත් බස් කාරයින්ට නීතිය තද කරනු මැනවි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

දියත


යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්
2025 ජනවාරි මස 25 1016 2

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝ


මහනගර සභාවේ සේවකයකුගේ සිරුරක් පාලම යටින් හමුවෙයි
2025 ජනවාරි මස 25 298 0

නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44)


කුඩලිගම විදුහලේ ශාලාවකට ගසක් කඩා වැටෙයි
2025 ජනවාරි මස 25 196 0

බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.


දූෂිත ලොක්කෝ පිරිසක් ගැන විමර්ශන
2025 ජනවාරි මස 25 1780 0

දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනාධිපති අරමුදල ගමට යයි
2025 ජනවාරි මස 25 995 1

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසාන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 549 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 646 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site