බස්නාහිර ලක්ෂ 50 සිටින සුවිසල් නගරයක් කරනවා

(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරන බවත්, කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙල රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ "රන්දොර උරුමය" වැඩසටහනට එක්වෙමිනි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
COMMENTS
බයිලා ගහන්නේ නැතුව පොල්ල තියලා තියන ණය ගෙවන විදිය කියනවද ?තව මාස ගණනකට පස්සේ ගෙවන්න වෙනවා නේද ?
දැන් ද හලෝ ඔහේට මතක් උනේ බස්නාහිර සුවිසල් නගරයක් කරන්න. ඔහේ දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 50 කට වැඩිය ඉදලා තියනවා. ඔහේ මෙච්චර කල් මොන මගුලක්ද කලේ?
උඹ කරපුවා අපි දන්නේ නැද්ද
නාම්බන්ගේ පොකට්වලට මිලියන ගණනින් යයි. හයිවේ දියවෙලා යනවා වගේ. මුන්ගේ වැඩ කිසිම තේරුමක් නැහැ. වෙල් සේරම ගොඩකරගෙන. ගිහින් කුකුල් කූඩු වගේ ගොඩනැගිලි හදනවා. පොඩි වැස්සට මුලු ගම්මානයක්ම. යටවෙනවා.
ඔක්කොටම ඉස්සෙල්ලා රටේ ණය ගෙවලා බංකොලොත් භවෙන් නිදහස් කරන්න
තවත් මුඩුක්කු නගරයක් කරන්නඩයි හදන්නේ නගරයේ තදබදය අඩු කරන්න ඕනි නම් කරන්න ඕනි නගරයෙන් පිට ගෙනියන එකයි ආයුබෝවන්ඩ
හිසට සෙවනක් ,හිතට නිවනක් සහ අයිතිවාසිකම් සමගම හිමිවීම ඔබගේ භාගයක්.අඩු ගානේ මේ චන්ද කාලේ හෝ ඉටු වුන සියලු දෙනාට හදවතින්ම සුභ පැතුම් ,හරි විදියට පරිහරණය කරන්න
බොරුව, කපටිකම, වංචාව තුලින් ජනතාව නොමග යැවීම දැන් කල නොහැක . ගිය වසරේ ලැබිච්ච චන්ද ටිකවත් මේ සසරෙ ලැබෙන්නෙ නැහැ
රටේ මිනිස්සුන්ගෙන් බාගෙට බාගයක් බඩගින්නේ කටේ නරිවදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා
කලින් බලයේ හිටපු අයත් මාර සුරන්ගනා කතා කියලා ජනතාව ඇන්දුවා.ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය තාරුණ්‍යයට හෙටක් ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා බලයට ආවේ.අන්තිමට නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා . හොරාකාලා විනාශ කෙරුවා මදිවට හොන්දට තිබුණු අපේ රට ලෝකෙම හිගාකන තත්ත්වයකට පත් කෙරුවා ..දේසපාලුවෝ කියන්නේ බලලෝබි බඩගොස්තරවාදි දූෂිතයෝ .උන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ .