IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බැසිල් ඉක්මනට එනවා

(අංජුල මහික වීරරත්න)

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා  විදෙස් ගත වී ඇත්තේ  කාර්ය බහුල කාලයක් ගත කළ නිසා බව කී අමාත්‍යවරයා එතුමා ඉතා ඉක්මනින් ලංකාවට එන අතර මේ වනවිටත් ගම් මට්ටමින් දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසීය.බැසිල් ආ විට පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරන බවද රණතුංග මහතා කීය.

ඡන්දයක් නැතුව දැනට දිනල ඉන්නේ ෆේස්බුක් ජනාධිපති හා කයිවාරු ජනාධිපතියි විතරක් බව කී අමාත්‍යවරයා  හැබැයි ඡන්දයෙන් දිනා ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බවද සඳහන් කළේය.

රනිල් ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එනවා නම් වඩා  හොඳ බව කී රණතුංග මහතා එවිට  බය නැතිව  වැඩ කරන්න පුළුවන් බවද කීය.

 

 



අදහස් (12)

බැසිල් ඉක්මනට එනවා

රංබොඩ Thursday, 29 February 2024 10:44 AM

බැසිල් උන්නැහේ එන්නෙ හේත්තු වන පක්ෂය පරාජ කරලා තව සල්ලි ටිකක් අරගෙන ඇමරිකාවේ යන්න වෙන්නැති

:       0       34

නිහාල් Thursday, 29 February 2024 10:45 AM

කප්පමා වැඩ පෙන්වයි.

:       0       32

පිටිගල මිලානෝ Thursday, 29 February 2024 12:25 PM

දෙපාරක්ම පැනලා ගියා. මේපාර නම් කොහොමහරි අල්ලා ගනියි කෙහෙළියගේ තනියට යවන්න…..

:       0       33

නන්දන පනා-මිලානෝ Thursday, 29 February 2024 01:02 PM

කපුටාස් හිට් ද ප්ලේන්… මොළගෙඩි හතකුත් තියාගෙන ඇමරිකාවෙත් ඉදලා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන නැති හැටි….. ලජ්ජයි….

:       0       33

චාන්දනී Thursday, 29 February 2024 01:48 PM

රාජපක්ෂලා ඔක්කෝටම ඉංග්‍රීසි අවුල්...

:       0       0

de silva Thursday, 29 February 2024 01:53 PM

ඉංග්‍රීසි ඉගෙන ගන්න මොලේ නැතිවුනාට හොරකම් කරන්න, මිනිස්සු මුලා කරන්න නම් මොලේ හොඳට වැඩකරනවා. කප්පම් කාරයොත් එක්ක එකතුවෙලා මේක අනිවාර්යයෙන් තවදුරටත් විනාශ කරනවා.. අන්තිමේදී මිනිසුන්ගේ දේපල බලෙන් අත්පත් කරගනීවි. මොවුන්ට ඡන්දෙ දුන්නොත් ලංකාව ඉදිරියේදී සොමාලියාවටත් පහළට වැටෙනවා...

:       0       0

Chathuri Friday, 01 March 2024 01:23 AM

පුදුම විදියට බයවෙලා තියෙන්නේ... ඉංග්‍රීසි වචනයක් බැහැ. ගලපාගන්න යන්නේ ඇමරිකාවට. ළඟදීම එනවා... අවුරුදු ළංවුණාම... කපුටෝ එනවා. පැටව් ගහන්න අනුන්ගේ කූඩුවල... මෙදා සැරේ කොටලා නෙමේ එලවන්නේ එයාපෝට් එක කල්තියා වහනවා. සේරම තක්කඩියන්ගේ තටු කඩලා හිරේට දානවා. පාන්දර ගුවන් ගමන් නතර කරනවා. අනුර කුමාර දිනනවාමයි. ඔබලාට තවත් මේ රටේ ජනතාව නටවන්න බැහැ. පෝරකේට තමයි යවන්නේ...

:       0       2

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 01 March 2024 01:41 AM

තාම 10% ද? නැත්තම් ගාන වැඩියිද දැන්?

:       0       3

Perera Friday, 01 March 2024 08:12 AM

ගිය පාර එද්දි කිව්වේ ඕකා මොළ හතා කියලා ,මෙදා පාර මොකෙක් වෙලාද එන්නේ ?

:       0       2

Amila Friday, 01 March 2024 07:11 PM

දැන් කී සැරයක් ඔය වගේ ආවද?

:       0       0

විකිකමසිංහ Saturday, 02 March 2024 12:17 AM

1977 ගෙවල් ගිනිතියපු අය එක්ක ලගින්න ලැජ්ජා නැද්ද? ඡන්දේ තිබ්බාම බලන්න පුළුවන් ෆේස්බුක් කයිවාරුද කියලා...!

:       1       0

Kithsiri Saturday, 02 March 2024 01:37 PM

ඉතිං ඉක්මණටම මැතිවරණයක් තියලා ඔප්පු කරලා පෙන්වන්නකෝ එතකොට ඉවරයිනේ... අනික ඔයගොල්ලන්ගේ හැම වැඩටම බැසිල් ඕනෑද වැඩකරනවා කව්රුත් නැද්ද? ඔච්චර කයිය ගහන ඔයාටවත් බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site