
(සේනක බණ්ඩාර)
සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 35 දෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලීසිය පැවසීය.
රියදුරුට වේගය පාලනයකරගත නොහැකිව බසය මාර්ගයෙන් ඉවතට පැන යළි මාර්ගයටම විසි වී පෙරැලී යාමෙන් අනතුර සිදුව ඇතැයි කියති.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.