
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් වලපනේ මහව්ව වංගුවේදී පෙරලිමෙන් මගීන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි වලපනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩි.හෙට්ටිආරච්චි මහතා පවසයි.
මඩකලපුවේ සිට උඩුපුස්සැල්ලාවේ විවාහ මංගල උත්සවයකට පැමිණි පිරිසක් රැගත් එම බසය උත්සවය අවසන් වි (30) දින ආපසු මඩකලපුව දක්වා ගමන් කරමින් සිටියදි අධික බැවුමක් සහිත ප්‍රදේශයේදි බස් රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ගොස් ඇති බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් පස්දෙනකු රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහලට සහ අනෙකුත් තුවාලකරුවන් වලපනේ ප්‍රාදේශිය රෝහලේ ඇතුලත් කර ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවයි වලපනේ පොලිසිය කියා සිටියේ.
බස් රථය ගමන් ගත් මාර්ගය අධික බැවුමක් සහිත මාර්ගයක් බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වලපනේ පොලිසිය කියා සිටියේ.

2025 දෙසැම්බර් මස 18
418
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක් පෙරලී 18ක් රෝහලට