IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක්

(යොහාන් භාසුර)

බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවත් සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති බවත් එම නිලධාරියා කීය.

ඩෙංගු සහ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කළාය.

සමස්ත ශ්‍රී ලංකාවේ මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. 



අදහස් (7)

බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක්

Bunny Preena Monday, 19 June 2023 12:20 PM

මොන විදිහකින් හරි වළක්වාගත හැකි ලෙඩරෝගවලින් වැළකිලා ඉන්න පුළුවන් නම් කාටකාටත් හොඳයි.

:       1       16

Chathuranga Monday, 19 June 2023 12:44 PM

ප්‍රායෝගික අදහස් නැති සීතා නෝනා වැනි අය නිසා රටට වෙන හානිය ඩෙංගුවලින් වෙන හානියට වඩා දහස් ගුණයකින් ඉහළයි.

:       3       19

කිරිපුතා Monday, 19 June 2023 01:42 PM

ඉස්කෝලෙ වෙලාවට වඩා හවස තියෙන උපකාරක පන්තිවල තමයි දරුවන් මදුරුවෝ කන්නේ... සමහර ගුරුවරුන් ඒ ගැන තැකීමක් නෑ...

:       1       18

fairoos Monday, 19 June 2023 01:48 PM

අනේ සීතා තාමත් ජීවතුන් අතර ඉන්නවද? නන්දසේන ගියාවගේ යනඑන මන් නැතිවෙලා ගියාද?

:       4       14

පෙරේරා Monday, 19 June 2023 02:41 PM

ඕක තීරණය කල අය හිතන්නේ පංති කාමරත් ඒ ගොල්ලන්ගෙ ඔෆිස් වගේ ඒසී කරලා ඇති කියලා.

:       2       10

ගමේ එකාලා Monday, 19 June 2023 04:00 PM

මදුරු දැල ගානේ දුන්නා නම් මීට වඩා හොඳයි... හරියට එදා වේලවත් පිරිමහගන්න බැරුව ඉන්න අයට රෙදි අරන් මොනවා කරන්නද?

:       1       7

මොහොට්ටාල Monday, 19 June 2023 05:04 PM

ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට යමක් කරන්න බැරිද .දූමායනය වගේ දේවල් කිරීම අපහසු නම් කොළොම්පුරේ අහසින් ගොස් රසායනික ද්‍රව්‍ය විසුරුවා හැරීමට උත්සාහ කලොත් හොදයි කියලා හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site