(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ( බූස්ටර් ) ලබා ගැනීමට බාධා කරන සහ එම එන්නත ගැන මිත්‍යා මත පතුරුවන කණ්ඩායම් අටක් පිළිබඳව රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් අලුතින් ආරම්භ කර ඇත.
මේ කණ්ඩායම් අතර විවිධ අන්තවාදී ආගමික මතවාදයන් දරණ කණ්ඩායම් තුනක්ද සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයක්ද වෙතියි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ කණ්ඩායම්වල සාමාජිකයන් පිළිබඳව තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් රජයට සහ පොලිස්පතිවරයාට ලබන සතියේ බාරදීමට නියමිතය.
දැනට මෙරට බූස්ටර් එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව එන්නත් ලබාගත් මුළු සංඛ්‍යාවෙන් සියයට 44 ක් (පුද්ගලයන් 62,14,639) පමණ වේ.
එය ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බවත් කොවිඩ් ප්‍රශස්ත මට්ටමින් පාලනය කිරීම සඳහා මේ සංඛ්‍යාව සියයට 80ක් දක්වා වැඩි කර ගැනීම ඉතා අවශ්‍ය බවත් කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ලෝකයේ බොහෝ රටවල් එම සංඛ්‍යාවට ළඟාවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් ඇතිවන යම් යම් සංකූලතාවලට සාපේක්ෂව කොවිඩ් වැළඳීමෙන් ඇතිවන සංකූලතා හය ගුණයකින් පමණ වැඩි බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බූස්ටරයට බාධා කරන කණ්ඩායම් 8ක් ගැන බුද්ධි අංශ සෙවිල්ලෙන්
sena Saturday, 19 February 2022 12:38 PM
ඉස්සරවෙලාම මිථ්‍යාව පැතිරීම පටන්ගත්තු ආණ්ඩුවේ ඉන්න ලොක්කන්ව හිරේ දාන්න ඕනේ. මතකද මුට්ටියි, පැණියි, කුඩුයි උස්සගෙන මැති, ඇමැතිවරු දඟලපු දැඟලිල්ල..?
SATHYAPALASaturday, 19 February 2022 02:11 PM
ඒ විතරද? බෙහෙත් පිළිබඳවම මහාචාර්ය ඇමතිලාත් වෙද සංගම්වල මහා එවුනුත් තරගෙට මිථ්‍යාව පතුරුවා හැරියා. තවමත් සිදුවෙනවා. අපි නැවත දුනු, හී අරන් කැලේට රිංගන ජාතියක්...!
de silva Saturday, 19 February 2022 02:37 PM
කල් අරින්නේ නැතිව අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඇණවුම්කර ඉන් පසුව පනතක් මගින් එන්නත්කරණය අනිවාර්ය කර, ග්‍රාමසේවක මාර්ගයෙන් එන්නත් ගත් සහ නොගත් පුද්ගලයින් ගැන සොයාබලන්න. පොදු ප්‍රවාහන සේවා, බැංකු, රජයේ කාර්යාලවලට යන පුද්ගලයින්ගේ එන්නත් කාඩ් පරීක්ෂා කරන්න. එන්නත් කරණයට නොගොස් මුට්ටි ගඟේ දැමීම වගේ දේවල් වලින් රෝගය පාලනය කළ නොහැක.
සෙනවි Saturday, 19 February 2022 02:50 PM
වැක්සින් එන්නතට එරෙහිව කටයුතු කරන එක් වෛද්‍යවරයෙක් යූටියුබ් නාලිකාවක දේශනයක් කරනවා. ඒ ගැන සොයා බලන්න.. ඔහුගේ නම අවශ්‍ය නම් දියහැකියි...
ඩොකාSunday, 20 February 2022 07:13 AM
ඔයා නම දෙන්න ඕන නෑ. මේ වෛද්‍යවරයා ගැන කවුරුත් දන්නවා. මොහුට කොරෝනා වාට්ටුව බාරදීලා තියෙන්නේ... ඉතින් ඔහු දේශීය ඖෂධ භාවිතා කරල සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා...
කිරි පුතා Saturday, 19 February 2022 03:02 PM
මා දැනට සේවය කරන්නේ විදේශ රටක. දෙවියන් ඇදහීමෙන් ජීවත් වුවද මේ රට එන්නත් ලබානොගත් කිසිවෙකුටත් කිසිම ස්ථානයකට ඇතුල් වීමට බැරිවන පරිදි ජංගම දුරකථන යෙදවුමක් අනිවාර්ය කර තිබෙනවා. එබැවින් මොන පුහුමත දැරුවද කොතරම් හීන දීන ආකල්ප තිබුණද, අවිද්‍යාවේ මුල් බැස සිටියද ඒ සියල්ලන් එන්නත් ලබාගත යුතුයි. නැතිනම් ඔවුන්ට සේවයටවත් වාර්තා කළ නොහැකියි. අපේ රට තුළත් නොදුරේම එය ක්‍රියාත්මක වේ යැයි විශ්වාස කරනවා...
චමින්ද Saturday, 19 February 2022 05:55 PM
කිරියෝ, නුඹ ඉන්න රටේ උසස් ලෙසට අතීතයේවත් දේශීය බෙහෙත් තියෙන්නේ නැහැ. ඉතින් තියෙන එක නොගෙන මොනවා කරන්නද? ලංකාවේ අතීතයේ උසස් ලෙසට දේශීය වෙදකම තිබුණා කිව්වේ රොබට් නොක්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා.. ඔවුන්ට ඕනෑ වුනා දේශීය වෙදකම නැතිකරන්න. ඒකට කළදෙයක් තමයි කංසා තහනම.. දැනුත් ලංකාවේ සිටින බටහිර වෙද්දු කරන්නේ සුද්දා නතරකළ තැනසිට ඉදිරියට යාම තමයි. වෙදෙක් වේවා, නොවේවා..! තමුන්නැහැ කරන්නෙත් ඒකම නේද?
සත්‍ය ගවේෂී.Sunday, 20 February 2022 07:17 AM
චමින්ද මහතා, කිරිපුතා කියන්නේ ළදරුවෙක්... මේ ළදරුවා ටිකක් දැනගෙන සියල්ල දත් වගේ හැසිරෙනවා නිතරම. මේ දේට කියන්නේ මෝඩකම කියලා. එක පැත්තකට කඩේ යන ගොට්ටෙක්...
Prabha Saturday, 19 February 2022 09:37 PM
මම ඉන්න රටේත් වැක්සීන් විරෝධීන් ඉන්නවා. ඔවුන් විරෝධතා පෙළපාලි යනවා. සමහරුන්ගේ රැකියා පවා අහිමි වෙලා. ලෝකෙ කොහේත් යමකට කැමැති සහ අකැමැති දෙකොට්ඨාශයම ඉන්නවා.
මැක්ස් Saturday, 19 February 2022 10:31 PM
තවත් කණ්ඩායම් දෙකක් ගැන ඔත්තුවක් දෙන්න පුළුවන්... එක කට්ටියක් රතු පාටයි. සීයට ප්‍රමාණයෙන් බැලුවොත් 3ක් වගේ. අනෙක් කාණ්ඩේ කොළ පාටයි. ඒකෙ ලොක්කා පියාණෝ කෙනෙක් ගැන නිතරම කියනවා.
Janitha Saturday, 19 February 2022 10:31 PM
පළවෙනි මාත්‍රාව විදියට ෆයිසර් විදගන්න තැනක් දන්නවද? අහන අහන හැම තැනින්ම බෑ කියනවා..
wahaldeepe Sunday, 20 February 2022 12:40 AM
මේ කාලකණ්ණි පාලනය ඉවර වුණාම කොරෝනා කියන ග්‍රීස් යකාත් විදපන් විදපන් කියලා බෙරේ ගහන වහල් රැළත් ‘අනිවා‘ නැතිවෙනවා.
Sriland Sunday, 20 February 2022 01:50 AM
ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට සහ තමන්ට කැමැති වෙදකමක් තෝරා ගැනීමට අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙනවා. සුද්දාගේ බෙහෙත් ගත්තේ නැතිනම් හිරේ දානවා කියලා බය කරලා උන්ගේ බෙහෙත් ප්‍රවර්ධනය කරන්නේ ආණ්ඩුවේම වෛද්‍ය වෘත්තීකයින්... එදා අපේ ඖෂධ තහනම් කරලා කීදෙනෙක් හිරේ ගිහිල්ලා තියෙනවද? අද කරන්නේ එදා කරගන්න බැරිවුණු ප්ලෑන් බී එක...
hesa Sunday, 20 February 2022 12:44 PM
ලංකාවේ හැදියාවක්, හරි නීතියක් නැති එකයි මූලික.. යුරෝපීය රටවල මහ පාරේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නැහැ.."දෙවියන් ඇදහීමෙන් ජීවත් වුවද මේ රට එන්නත් ලබානොගත් කිසිවෙකුටත් කිසිම ස්ථානයකට ඇතුල් වීමට බැරිවන පරිදි ජංගම දුරකථන යෙදවුමක් අනිවාර්ය කර තිබෙනවා." ඒ ආයතනයකට ඇතුල් වීමේදී.. එන්නතට වඩා මුඛ ආවරණය ඇඳිය යුතුමයි.. එය හරියට පිළිපදිනවා.. හිතෙන විදියට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව පැතිර වීම වැළැක්වීමට ඒ හරි ක්‍රමය.. එන්නතට වඩා.. අහලා තියෙන විදියට විදේශ රටවලත් එන්නත් විරෝධීන් ඉන්නවා. එන්නත අනිවාර්ය කිරීමක් නැහැ. නමුත් සමහර රැකියා ආයතනවලට (ආරෝග්‍ය ශාලා, වැඩිහිටි නිවාස, ළමා නිවාස වැනි දේ අනිවාර්යයි) ඒ වගේම නිහඞ උද්ඝෝෂණ, පාගමන් සති අන්තවල නැතිවා නොවේ. (ඒ වැඩි පඩි ඉල්ලාවත්, පොහොර ඉල්ලාවත් නොවේ)