IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බිසෝඇල්ල සක්‍රීය වෙයි

(මහේෂ් කීර්තිරත්න)

මේ දිනවල පවතින  අධික වැසි සමඟ  මාතලේ යටවත්ත සැලගම  පිහිටි ‘බිසෝ ඇල්ල ‘ වසර කිහිපයකට පසු සක්‍රීය වී තිබේ.

 මාතලේ  යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත්  පිහිටා ඇත.
මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම මාර්ගයට පැමිණ එතැනින් නිකගොල්ල මාර්ගයේ පැමිණ දිය ඇල්ල නැරඹිය හැකිය.

සැලගම කඳු මුදුනේ ඇති දිය උල්පත්වල ජලය එක්වී අඩි දහසක් පමණ උසැති ගල් පර්වතය මතින්  ඇද හැලෙමින් බිසෝ ඇල්ල නිර්මාණය වේ.

වළගම්බා රජ සමයේ  සේනාව යුද්ධයට යාමට පිටත්වෙද්දී  වළගම්බා රජු  සිය  බිසෝවරුන් හත්දෙනෙකු  ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පර්වත මුදුනේ සඟවා  සිටි බවත් , තමන් යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් සුදු කොඩියක්ද, පැරදුණහොත් රතු කොඩියක්ද ලෙළ දෙනු ඇති බවත්, පවසා යුද පිණිස පිටව ගිය බවත් ජනප්‍රවාදයේ  සඳහන්ය.
 
අනතුරුව රජු  යුද්ධය දිනා පැමිණෙද්දී කුමන්ත්‍රණකරුවන් පිරිසක් සුදු වෙනුවට රතු කොඩියක් දමා ඇති බවත් එය දුටු  සොවින් බිසෝවරුන් මෙම ඇල්ලෙන් පැන දිවි නසාගත්  ජනප්‍රවාදයේ සඳහන්  බවඓතිහාසික මාතලේ ග්‍රන්ථයේද සඳහන්ව තිබේ.
 
ඒ අනුව මෙයට බිසෝවරුන් පැන්න ඇල්ල, බිසෝ ඇල්ල යනුවෙන් නම ලැබී ඇතැයි ද කියැවේ.

බිසෝවරුන්ගෙන් ගලා ගිය රුධිරය කිලෝමීටර කීපයක් ඈතින් එකතු වූ බවත් එතැන ‘රතලේ වැව‘ ලෙස නම් ලැබූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.



අදහස් (6)

බිසෝඇල්ල සක්‍රීය වෙයි

shafa Monday, 23 December 2019 11:54 AM

කොතරම් අලංකාර සම්පත් පිරි රටක් වුණත් පිරිසක් කුමන්ත්‍රණ කරන්නයි, තව පිරිසක් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඉතා මෝඩ විදියට ඒ කුමන්ත්‍රණ වලට අහුවෙන්නයි අපි එදා ඉඳන්ම ප්‍රසිද්ධයි.

:       1       164

Champa Monday, 23 December 2019 02:28 PM

මොන තරම් ලස්සන රටක්ද? කොහොම ඉන්න තිබ්බ රටක්ද? සුද්දගේ වහල් භාවයෙන් මිදුණු දවසේ ඉඳන් ලෝකෙට ණය වෙලා තමන්ගේම කියලා කිසිම ආර්ථික හෝ සමාජමය ප්‍රතිපත්තියක් නැතුව රුවල කැඩුණු නැවක් වගේ හතර අතේ පාවී පාවී යන්නේ? අපි මෙහෙම වෙන්න ඕනෙද? කොහෙත්ම නැහැ. අපිට හොඳට නැගිටින්න පුළුවන්. පාලකයින්ගේ නොදන්නාකම නිසා තමයි අවුරුදු 71ක් ගිහිල්ලත් රටට යන එන මං නැති වෙලා තියෙන්නේ. මේ පාරත් එහෙමයි.

:       2       13

Truth Behind Tuesday, 24 December 2019 01:04 AM

මේක පාලකයන්න්ගේ නොදන්නාකම නිසා නොවේ උවූන්ගේ තියෙන හොරකම සහ කෑදරකම නිසා, නීතියක් නොමැතිකම නිසා මෙරටේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පාලකයන් ඉඩතියලා නෑ මේක උතුරු කොරියාවට දෙවෙනි නෑ

:       0       0

shafeek Tuesday, 24 December 2019 04:24 AM

ගාල්ලේ පැත්තෙත් තියෙනවද බිසෝ ඇල්ලක්

:       0       1

ජහුටා Tuesday, 24 December 2019 02:04 PM

මේ පොටෝස් ෆේස්බුක් එකේ ගියපු පොටෝස් ටිකක්.

:       2       17

rana Wednesday, 25 December 2019 04:29 AM

ඉන් සැලුණු ගම "සැලගම" බවද සඳහන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site