
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන - මතුගම මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී රබර් කිරි බවුසරයක් පෙරෙැළී අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු සහ රිය සහායක මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කලවාන පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරි බවුසරයේ රියදුරු ලෙස කටයුතු කළ ගල්නෑව රඹුක්කන ප්‍රදේශයේ පදිංචි ජනක පැතුම් කුමාර ( 27 ) නම් අයෙකු සහ රිය සහයක ලෙස කටයුතු කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි බටුටිගේ ප්‍රියන්ත නැමති (36) නම්අයෙකු බව පොලිසිය පැවසීය .
අනතුරට ලක්ව ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි ආයතනයක රබර් කිරි බවුසරයක් බවත් එම බවුසරය රත්නපුර ප්‍රදේශයේ රබර් කිරි එකතු කර නැවත යමින් සිටියදි අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු පිස්සො වගේ වාහන එලවනවට මාලිමාව වගකියන්න ඕන කියල අර මොලේ කචල් අය කියයි දැන්.
පාර ඇදයි.. ඒ්කයි.
මෙහෙම අනතුරු රනිල් රාජපක්ෂ කාලේ වුනේ නෑ නේ... මේ ආණ්ඩුවට රිය අනතුරු නැතුව ආණ්ඩු කරගන්නවත් බෑ