(ඉන්දික අරුණ කුමාර)
පවත්නා අධික වැසි තත්ත්වය හමුවේ බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයම විවෘත කළ බව ජලාශ බාර වාරි ඉංජිනේරු එච්.එම්.එල්.ආර්.හේරත් මහතා කියයි.
තත්ත්පරයට ඝන අඩි 17000 බැගින් බෝවතැන්න ජලාශයට ඉහළ ජලාධාර ප්‍රදේශ වලින් ජලය ලැබෙමින් පවතී.
අද (20) අලුයම් කාලයේ සිට බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 6 ම විවෘත කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.
ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් හා සෙසු දොරටු හතර අඩිය බැගීන් විවෘත කර ඇති බව ඉංජිනේරු හේරත් මහතා කියා සිටියේය.
බෝවතැන්න ජලාශයෙන් පිටවන වාන් ජලය අඹන් ගඟ ඔස්සේ මොරගහකන්ද ජලාශයට ගලා බසී.
මේ හේතුවෙන් ඇලහැර මාර්ගයයෙන් අඹන් ගඟ හරහා ඉදිකර ඇති අඹන පාලම සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන, සේනාගම, ඕපල්ගල, නාලියකනත්ත සහ මොරගොල්ල ගම්මානවල පවුල් 2000 ආසන්න පිරිසකට නාඋල නගරයට පිවිසීමේ කෙටි මාර්ගය අවහිර වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෝවතැන්න ජලාශයේ වාන් 6 ම විවෘත කරයි
Sunny Chandrasena Friday, 20 December 2019 11:50 PM
1979 පමණ මෙවැනි වැසි දිනයක මේ අන්දමට බෝවතැන්න ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීම හේතුවෙන් පහළින් පිහිටා ඇති විදුලි බලාගාරය සම්පූර්ණයන්ම ජලයට යටවිය. එවැනි දෙයක් මෙවර සිදුවී නැතැයි සිතමි...