(ඩයනා උදයංගනී)
විදුලිබිල වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලව ගත් තීරණය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් කිසිඳු එකඟතාවයක් ලබානොදීම නිසා විදුලිබල මණ්ඩලය ගැටලු රැසකට මුහුණ පා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී අඛණ්ඩව විදුලිය ලබාදීමට පමණක් රුපියල් කෝටි 500ක් අවශ්‍ය වන බවත්, ඒ ඇතුළු වියදම් සොයාගැනීම ගැටලුවක් වී ඇති බවත් ඇමතිවරයා පැවසීයැයි ද ගුණවර්ධන මහතා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
විදුලි ගාස්තු ජනවාරි 1 සිට ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නත් ඔවුන් මෙතෙක් තමාට හෝ කැබිනට් මණ්ඩලයට ලිඛිතව කිසිඳු එකඟතා දැනුම්දීමක් කර නොමැති බවත්,ගාස්තු වැඩිකිරීමකින් තොරව විදුලිය සපයන්නේ කෙසේයැයි තමාට සිතාගත නොහැකි බවත් ඇමතිවරයා එහිදී පැවසූ බව ද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.