
(සුජිත් හේවාජුලිගේ)
බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට ඊයේ (10) දැඩි බලපෑම් එල්ලවී තිබිණැයි වාර්තාවේ.
මැක්කන් පතිරීමෙන් එහි එක් අංශයක් ඊයේ වසා දමා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
පහළ මාලයේ සුනඛයකු මිය යෑමෙන් පසු මැක්කන් මෙලෙස පැතිර ගොස් ඇති බව පවසන එම ආරංචි මාර්ග ඊයේ සවස් වන තුරුම මැක්කන්ගේ අඩුවක් දක්නට නොලැබුණු බවද සඳහන් කළේය.
මැක්කන් පැතිරීම නිසා සේවක සේවිකාවන් එම ගොඩනැගිලි සංකීර්ණයේ ආපනශාලා වලින් ආහාර ගැනීමට පවා මැලිකමක් දක්වා තිබූ බව වාර්තාවේ.
එම ගොඩනැගිල්ලේ පළමු මහලේ සිට දොළොස්වෙනි මහල දක්වා මැක්කන් පැතිර ගොස් තිබූ බව කියති.
නාගරික සංවර්ධන අධිකාරිය ළමා කටයුතු අමාත්‍යාංශය, ඇතුළු ආයතන ගණනාවක් මෙම දෙවන අදියර ගොඩනැගිල්ලේ පිහිටා ඇත.
මැක්කන් මර්දනයට ඊයේ සවස් වන තුරුම ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම ගොඩනැගිල්ලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිනියක් ලංකාදීපයට පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලු මැක්කෝ සෙත්සිරිපායේ කොටසක් අල්ලති
Lalla Wednesday, 12 June 2024 07:59 AM
මැක්කෝ තමා රාජ්‍ය සේවයට අරක්ගෙන මහජනතාවගේ රීරි මාංශ උරාබොමින් රට විනාශ කරන්නේ...
නිමල් Wednesday, 12 June 2024 09:05 AM
කොහොමත් මේ දවස්වල බල්ලෝ මැරිච්ච මැක්කෝ රොත්තකුයි බල්ලා මැරෙයි කියලා හිතන මැක්කෝ රොත්තකුයි අලුත් බල්ලෙක් හොයනවා.
Perera Wednesday, 12 June 2024 11:02 AM
රාජ්‍ය පරිපාලනය බල්ලන්ට ගියාම ඔහොම තමයි.
m. saman perera Wednesday, 12 June 2024 01:20 PM
පාර්ලිමේන්තුව දක්වා පැතිරෙනවා
Jayasekara Wednesday, 12 June 2024 04:28 PM
අපේ බදුමුදලින් නඩත්තු වෙලා අපේම රීරි මාංශය උරාගෙන බොන්නේ ඔය කාලකණ්ණි රාජ්‍ය සේවය තමයි. වැඩක් කරගන්න ගියාම දාන රෙස්පෙක්ට්...!