IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ

 

(සුජිත් හේවාජුලිගේ )

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ   ඊට අදාල තවත් වැදගත්  ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන  පරිපූර්ණ තොරතුරු  වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී  ඉදිරිපත් කෙරේ.

බාල බෙහෙත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන්  විශේෂයෙන් සකස් කෙරුණු  විගණන වාර්තාවෙන්   මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කිරීම කෙරෙන බව ජාතික විගණන කාර්යාලය පැවසීය.

මෙම විශේෂ විගණන වාර්තාව දැනටමත් සකස් කර අවසන්වී ඇත.

රජයේ විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී   වික්‍රමරත්න මහතාගේ  විශේෂ  උපදෙස් මත  ජාතික විගණන කාර්යාලයේ  නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්   වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳව දීර්ඝව  විමර්ශන පවත්වා මෙම වාර්තාව සකස් කළහ.

ඖෂධ නියාමන අධිකාරියේ  ඖෂධ ලියාපදිංචි කිරීම සම්බන්ධ කරුණු රැසක්ද  මෙම වාර්තාවෙන් හෙළිදරව් කෙරෙන බව  දැන ගන්නට ඇත.

මෙම විගණන වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව )  සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා ) ද  ඉදිරි දිනවල  වෙන වෙනම විමර්ශන පැවැත්වීමට නියමිතය.

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා ඇතුළු සෞඛ්‍ය   ප්‍රධානීහු පිරිසක්  මේවනවිට රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබියුලින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරිමේ සිද්ධිය පිළිබඳ නඩුව මාලිගාකන්ද අධිකරණය හමුවේ  විභාග වෙමින් පවතී. මෙම වංචාවෙන් රජයට  සිදුවී ඇතැයි පැවසෙන පාඩුව කෝටි 110 කි.



අදහස් (2)

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ

ravin Saturday, 27 April 2024 10:14 AM

බොල බූරු පුතාලා... ඔබලා සෝක නොවී හිටපල්ලා. හෙට දිනයේදී අලුත් නමකින් වැඩ පටන් ගනිල්ලා.

:       2       10

DHARMATILEKE Saturday, 27 April 2024 03:19 PM

හැම දේකම හෙළිදරව් එළියට එනවා. පාස්කු ප්‍රහාරය ඇරෙන්න.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site