
(සුමිත් පොතුපිටිය)
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියම කළේය.
ඊට අමතරව රුපියල් 40,0000 දඩයක් ද නියම කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ වේදනයගම් ඇඩ්වින් නිමල් නමැති බස් රියැදුරකුටය.
පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගෙන පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනයවූ බසය පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු වෙතින් මත්පැන් දුඟදක් හැමූ බැවින් පොලිස් භාරයට ගෙන සිදුකල පරීක්ෂාවකදී මත්පැන් පානය කර සිටී බවට තහවුරු වූ පොලිසිය අධිකරණයට දැන් වූය.
ඒ අනුව මගීන්ගේ ජිවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් තරයේ අවවාද කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දඩුවම් නියම කෙරිණි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි
Suneth Thursday, 27 March 2025 10:20 PM
නියම උණ ගැනෙන තීන්දුව. ගංජා, අයිස්, හෙරොයින් ඩ්‍රයිවර්ලටත් මේකම කරන්න. නැත්තම් මේ අය හැදෙන්නෙ නැහැ.
ගුණරත්න Thursday, 27 March 2025 10:31 PM
උසාවියේ තීන්දු විවේචනය කරන්න යන්නේ නැහැ මම. නීතිය දැඩිව ක්‍රියාත්මක වීම හොඳයි. කලින් ගාල්ලේ අනතුරක් කරපු බස් රියදුරෙක්ගේ බලපත්‍රය තහනම් කලාම ඒ මිනිහා වෙනත් පලාතකින් බලපත්‍රයක් අරගෙන ඒ බලපත්‍රයෙන් රියපදවා බරපතල අනතුරක් කළා, එක තමයි අර ආරක්‍ෂක විශ්වවිද්‍යාල බස් අනතුර. ඉතින් ඒ වගේ හිල් වහනවා නම් හොඳයි.
Nandalal DE SILVA - FranceFriday, 28 March 2025 03:31 PM
අපේ රටේ තිබෙන රියදුරු බලපත් ක්‍රමය මෙන්ම අනිකුත් රජය ලිපි ලේඛන ආදිය නිකුත් කිරිම මුළුමනින්ම වැරදියි.. මා පදිංචි රටේ මෙහෙම ක්‍රමයක් නෑ ... තාම පදිංචි ප්‍රදේශයෙන් ලබාගන්න රියදුරු බලපත්‍රය මුලු රටටම වලංගු වෙන අතර කුමන හෝ හේතුවක් මත හෝ එය අවලංගු කළ විට ජාතික පරිගන පද්ධතියට ඇතුළත් කරනවා ඉන්පසුව වැරදි කරන රියදුරන්ගේ බලපත්‍ර පරික්ෂා කරවා ගැනීමට පොලිසියට හැකි වෙනවා... අපේ ශ්‍රී ලංකාව මාරම රටක් හැම තැනම හිල් ඒවා අස්සෙන් රිඟා යන්න ඕන කෙනෙක්ට පහසුවෙන් තිබෙන රටක්....
Neel Friday, 28 March 2025 04:07 AM
ගරු අධිකරණයට අපගේ ගෞරවය පුද විය යුතුය.
වන්නකු Friday, 28 March 2025 06:40 AM
බීලා වාහන එලවන සෑම රියෙදුරෙකු ගේම රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම තහනම් කරනව නං හොදයි
මංජුල Friday, 28 March 2025 11:56 AM
මේක සාධාරණ ද කියල දැන ගන්න තව නඩුවක් දාන්න වෙනවා
කමනි Saturday, 29 March 2025 03:58 PM
මෙන්න බීලා එලවන කෙනෙක්...!