IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බලු පැටවා සොරකම් කළ කුඩ්ඩාට වැඩ වරදී

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

නිවසේ සුරතලයට ඇති කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටියෙකු සොරකම් කළ පුද්ගලයකු අද (21) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

 එම බලු පැටවා රුපියල් පනස්දහසක ආසන්න වටිනාකමකින් යුත් යැයි පැමිණිල්ලේ සඳහන්ය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව  ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පුද්ගලයකු සිය නිවසේ ඇති කරන  බලුපැටියා  සොරකම් කර ඇති බවට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරිමේදී මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ නිවසකට රුපියල් 15,000 ක මුදලක අලෙවි කර තිබියදී සත්වයා සොයාගත් බව පොලිසිය කීය.

සැකකරු තවත් පුද්ගලයකු සමග බලුපැටියා සොරකම් කර ඇති බවත් , ඔහු වෙනත් නඩුවක් සම්බන්දයෙන් මේ වනවිට බන්ධනාගාර ගතව ඇති බවත් පොලිසිය කීය.

සැකකරුවන් බලුපැටියා අලෙවි කර ලබාගත් මුදලින් මත්කුඩු පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සදහන්වේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

 



අදහස් (0)

බලු පැටවා සොරකම් කළ කුඩ්ඩාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site