(ආරියරත්න රණබාහු )

ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය තරුණ නායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් සිලොනා 2024  නමින් ජාත්‍යන්තර කඳවුරක් පැවැත්වීමට තීරණය කර ඇත.

කුරුණෑගල මධ්‍ය විද්‍යාලයේදී ලබන අගෝස්තු මස 18 වැනිදා සිට23 වැනිදා දක්වා මෙම කඳවුර පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තුන්දහසකට අධික බාලදක්ෂිකාවෝ සහභාගි වෙති .

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආසියා ශාන්තිකර කලාපීය කමිටුවේ උප සභාපතිනි ප්‍රාර්ථනා ලියනගේ මෙනෙවිය සහභාගි විමට නියමිතය .

එම කඳවුර සංවිධානය කිරිම වෙනුවෙන් එහි ලාංජනය සහ කඳවුරු ගීතය එළිදැක්වීම  කොළඹ බාල දක්ෂිකා මුලස්ථානයේ දි සිදු කෙරිණි 

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමයේ උපසභාපතිනි ස්වර්ණිකා පිටිගල සහ .ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂාන්ති හේරත් යන මහත්මීහු සහභාගි වූහ .