
(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14 ක් විකිණීමට ටෙන්ඩර් කැඳවන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.
එම වාහන අතර ටොයෝටා සහ කියා ජීප්, බීඑම්ඩබ්ලිව් සහ නිසාන් කාර් ඇතුළු වර්ග කීපයක වාහන ඇතුළත් වේ.
අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් එම සුඛෝපභෝගී වාහන විකිණීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ උපදෙස් දී ඇති බවත් එම වාහන අතරට විවිධ වර්ගවල සහ මාදිලිවල සුඛෝපභෝගී වාහන රැසක් ඇතුළත් බවත් එම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර ආපසු නොගෙවන රුපියල් 5000 ක මුදලක් ගෙවා අංක 437, ගාලු පාර, කොළඹ - 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාල අයදුම්පත් ලබා ගත හැකි බවත් එලෙස අයදුම්පත් ලබාගත් අයට ඉහත ලිපිනයේ සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ - 07 ලිපිනයේදී එම වාහන පරීක්ෂා කළ හැකි බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.
මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවන රුපියල් 50,000 ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පත ද සමග මේ මස 16 දින පෙරවරු 10.00 ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු බවත් වැඩි විස්තර 0112574740 හෝ 0112574941 දුරකථනවලට ඇමතීමෙන් හෝ http://energymin.gov.lk/ වෙබ් අඩවිය හරහා ගතහැකි බවත් බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලශක්ති අමාත්‍යංශයට සැප වාහන විකුනන්න සැරසෙයි
Prabath Monday, 07 July 2025 03:08 PM
නියම හොද්ද වගේ ඕකට අර මහින්ද මහත්තයගේ ගෙදර වැලිවේෂන් කරපු නිලධාරියා දාන්න බැරිද?
ගුණරත්න Monday, 07 July 2025 10:57 PM
මම අදත් අහනවා, ඔය වාහන 14 විකුනලා පවතින මිලට ගන්නේ මොන වාහනද? සාමාන්යෙන් සුඛෝපභෝගී රථයක් කිව්වට ඩබල් කැබ් එකක් කියන්නේ ගොවිපොළ වාහනයක්, ඒ වගේ ඒවා හොඳ ධාවන තත්වයේ තියෙද්දී විකුනලා තව එකක් ඉතා අධික මිලක් ගෙවා ගන්න එකේ තේරුම මොකක්ද? ජීප් රථයක් වුනත් දැන් මාරු කරලා ත්‍රී වීල් වලට බහින්නේ නැහැ නේ, තව හොඳ වාහනයක් තමයි ගන්නෙත්, ඒ ගන්න වාහන වුනත් ඉන්ධන පරිභෝජනයේ ලොකු වෙනසක් නැහැ. ඉතින් මේ වැඩේ තේරුම මොකක්ද? සිල්ලර ලාභ දේශපාලනය තමයි, ලංකාව වගේ තුට්ටු දෙකට වැටුණු රටවල ඔය වැඩ කෙරෙනවා, පහුගියදාක පකිස්තානෙත් ඕක කරලා තිබ්බ