IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බලශක්තියට නව නියාමන ආයතනයක්

(අංජුල මහික වීරරත්න)

බලශක්ති  අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පෙට්‍රල් ,ඩීසල් , භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ,ආනයනය පිරිපහදු කිරීම ,බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රණයක් නොමැති බව රජය කියයි.

පෞද්ගලික ආයතන රාශියක්ද ඛනිජතෙල් නිෂ්පාදනය, ආනයනය සහ බෙදාහැරීම සඳහා සම්බන්ධ වී සිටින බැවින් එම අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීම ,නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ගේ, ආයෝජකයන්ගේ හා අනෙකුත් පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන , ඵලදායී කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම පිණිස විදුලිබල හා බලශක්තිය අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (0)

බලශක්තියට නව නියාමන ආයතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site