IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්නේ නැහැ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

"බල්ලෝ   හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ" යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

"බල්ලො කරන වැඩ අපි කරන්නේ නැහැ" යැයිද   ඔහු සඳහන් කළේය..

සරත් ෆොන්සේකා මහතාට  ෆීල්ඩ්  මාෂල් කෝට් එක අන්දලා මිනිහෙක් කළේ තමා බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසූවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේදීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

සහරාන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරලා තිබුණේ  කාලෙකට පෙරයි. එතකොට ඔහු අත්අඩංගුවට ගන්න තිබුණා. මම ජනවාරි මාසයේ ආරක්ෂක මණ්ඩලයේ දී මේ ගැන කිව්වා. මගේ අතේ  පොලිසිය තිබුණේ අවුරුද්දයි. ඇවිල්ල මාස හතරකින් බෝම්බ පිපුරුවේ.  අවුරුදු හතරක් පොලිසිය තිබුණෙ මගේ අතේ නොවෙයි. පොලිසිය භාර ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම හිටියා.
චැනල් ෆෝ චිත්‍රපටිය සමග තමයි මේ කතාව එළියට ආවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ කොමිසම මම  ජනාධිපති වෙලාවේ වාර්තාව දුන්න නම් ඒකෙ තියෙන්නෙ ඔය කරුණු නොවෙයි. එහෙම නම් ඒකෙ තියෙන්නෙ මීට වඩා වෙනස් කරුණු. හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය කියලා වාර්තාවේ  තියෙනවා.



අදහස් (8)

බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්නේ නැහැ

ගමේ එකාලා Friday, 22 September 2023 05:21 PM

තමුන් කරපු බලු වැඩ නම් කියලා වැඩක් නැහැ. ආප්ප කාලා අනික් පැත්තට මාරු වුණා. පස්ස දොරින් මහින්ද අගමැතිකම පුදලා රටම ගිනි ඇවිලුවා. තමුන් සුද්දවන්තයා වෙන්න හැදුවාට කියපු කරපු දේවල් දන්නෝ හොඳාකාරවම දනිති... පාස්කු ප්‍රහාරයට තමනුත් වගකිව යුත්තෙක් සරත් ෆොන්සේකා මහතා එක්ක තමුන් වගේ ග්‍ර්‍රාමයෙකුට හැරෙන්ඩවත් පුළුවන්ද...?

:       5       25

chandimaSaturday, 23 September 2023 03:03 AM

ඒක වැරැදි කතාවක්. මෛත්‍රීපාල සරත් ෆොන්සේකා එක්කලා හැරෙන්න බැරිවෙන්න පුළුවනි. නමුත් ග්‍රාමයෙකුට හැරෙන්න බැහැ කියන එක අසික්කිත කතාවක්. මිනිස්සුන්ගේ හැකියාව වෘත්තියෙන් මනින්න එපා. ඔය ග්‍රාමයා හැර තවත් දහස් ගණනක් ග්‍රාමයෝ රටේ ඉන්න බව මතක තියා ගන්න.

:       1       3

ravin Friday, 22 September 2023 05:39 PM

මෙයා කවුද කියලා නොදන්නේ නොඉපදිච්චි දරුවොයි, 21 වැනි ශතවර්ෂයට ඉස්සර මැරිච්ච මිනිස්සුයි විතරයි.

:       2       23

Indika Friday, 22 September 2023 05:44 PM

මේ ගොල්ලන්ට පාර්ලිමේන්ට් එකේ තියන ප්‍රශ්න... වෙලාවක් තිබුණොත් අපි ගැනත් ටිකක් කතා කරන්න.

:       1       19

අරවින්ද මොනරවිල Friday, 22 September 2023 05:50 PM

ඊයේ දියවන්නාව අසල සුනඛයින් දෙන්නෙක් පොරකෑව බව නම් ආරංචි වුණා...

:       2       12

sarath Friday, 22 September 2023 06:29 PM

තමන්ගේ රාජකාරිය හරියට කළා නම් මිනිස්සු මැරෙන්නේ නැහැනේ...? කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවා නම් පෙනේවි කවුද කියලා...

:       0       25

බද්රානි Friday, 22 September 2023 09:49 PM

ගෙදර මිනිස්සුන්ව ආරක්ෂා කරන්න හිටපු බල්ලා එහෙම නොකෙරුවා කියලා ගෙදර මිනිස්සු බල්ලව හපා කන්නේ නැහැ. ගෙදර මිනිස්සුන්ගෙන් යැපුණු බල්ලා හොර කල්ලියේ කෙනෙක් දාපු මස් කට්ටට රැවටිලා මුළු ගෙදරම විනාශ කළා. බල්ලාට මොනතරම් මේ ගෙදර මිනිස්සු සැලකුවාද? කොච්චර නම් බල්ලව විශ්වාස කළාද..? ඒත් අවශ්‍ය මොහොතේ මග හැරියා...

:       1       16

විජේ Saturday, 23 September 2023 12:11 AM

සිරියා මේ... සාරා, තියාවි අමෝරා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site