(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි වායු රයිෆල් සහ ක්‍රීඩා උපකරණ අලෙවි කිරීමේ වෙළඳ සැලකට පෙරේදා 24 වෙනිදා හවස පැමිණි නාඳුනන පුද්ගලයකු එහි සේවකයකුගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා වායු පිස්තෝලයක් පැහැර ගෙන පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
තුවාල ලැබූ එම සේවකයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නාඳුනන පුද්ගලයකු මෙම වෙළඳසැල වෙත පැමිණ වායු පිස්තෝලයක් අවශ්‍ය බව සේවකයාට පවසා ඇත සේවකයා වායු පිස්තෝලයක් ඔහුට විකිණීමට පෙර එය පරීක්ෂාකර බැලීමට වෙළඳසැලේ දෙවැනි මහලේ පිහිටි වෙඩිපිටිය වෙත එම පුද්ගලයා ද කැටිව ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයා එක්වරම සේවකයාගේ ගෙළ ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා සේවකයා අතේ තිබූ වායු පිස්තෝලය රැගෙන පලාගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙල්ල කපා වායුරයිෆලය රැගෙන යයි
fairoos Thursday, 26 January 2023 12:26 PM
දැන්නම් ලන්කවෙ තත්වෙ එන්න එන්නම දරුණුවීගෙන එනව..මෙ කාලකන්නි දේශපාලකයන් රටට කරපු වින්නැහියෙ ප්‍රතිපල තමා මෙව.