
(සුජිත් හේවාජුලිගේ )
සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් කර අුැත
සුනඛයින් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම මෙන්ම වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නියාමනය කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි.
ඒ අනුව සති 06කට වැඩි වයසැති සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබාගෙන සිටින පුද්ගලයෙකු එම සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර වාර්ෂිකව අදාළ පළාත් පාලන අායතනයේ ලියාපදිංචි කිරීමට අපොහොසත් වන පුද්ගලයෙකුට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව පනත් කෙටුම්පතේ සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩය 2000 මදි 20000කේ වත් විය යුතුයි
සුනඛ පාලකයන්වත්, ස්වාමියන්වත් රෙජිස්ටර් කරනු!
මෙය ඉතාමත් වටිනා තීරණයක් බව පපැවසිය හැකිය. අයාලේ යන සුනඛයන් නිසා ජලභීතිකා නිසා මියයන වැඩිහිටියන් හා දරුවන්ගේ ජීවත මහත් බේදවාචකයකි. එසේම එන්නත් සඳහා විශාල වියදම් දරන්නට රජයට සිදුවේ. එපමණක්ද , නැත. වසරකට එසේ අයාලේ යන සුනඛයන් පැනීමෙන් සිදුවන වාහන අනතුරු නිසා සිදුවන මරණ හා ආබාධිත බවට පත්වන සංඛ්‍යාව ද වැඩි වෙන බව පෙනේ. එම සතුන් පැත්තෙන් ගත්තද වාහන අනතුරුවලට ලක්වීමෙන් ආබාධිත වීමෙන් මිය යෑමෙන් හා රෝග වැළදීමෙන් මිනිසුන්ගෙන් ගුටිබැට කෑමෙන් පිහිටක් නැතිව අසරණ වේ. මෙම කාරණා සලකා බලන විට මෙම තීරණය ඉතා ප්‍රශස්තයි.
ලියාපදිංචි නොකරපු අය අනුරාධපුරේ නට නට යනවා දැක්ක. එක්කෝ ගැටගහල දාන්න ඕන, නැත්තම් කාගෙද, කොහෙන්ද කියල හනගහන්න ඕන.
අලයුතුව තිබුණේ දශක කිහිපයකට කලින්.
ඔන්න සුද්දගේ කාලේ තිබුන බලු බද්දත් ගෙන්න යන්නේ. මිනිස්සුන්ගේ ඇටේ ඉඳන් සාරය සූරා බොන වැඩකට නැති කාලකන්නි ටිකක් මුන්
සුද්දගෙ කාලෙත් තිබ්බා බලු බද්ද. දැන් අඩු තන බද්ද විතරයි.
යටත් විජිත කාලෙ ගහපු බදු වලින් බලු බද්ද හරි , මරාළ බද්දත් ගහනවැයි,
දැන් සිවුරු රදවන නටන්න පටන් ගනියි, පන්සලට දාලා යන බල්ලන් ලියාපදිංචි කරන්න අපිට බැහැ කියලා.
නිවෙස්වල ඇති කරන බල්ලන් ගැන මෙවනි අවදානයක් සහ තිරසාර වැඩ පිලිවෙලක් රජය හදුන්වා දෙන එක අපි ( බල්ලටයි, මිනිහටයි ) කාට කාටත් හොඳයි. ඵිස්සු බල්ලන් සපා කෑමෙන් අහින්සක ලොකු කුඩ රට වැසියන් බොහෝ දෙනෙක් අකාලයේ නිරාදෙ මිය යනවා. බොහොම බරපතල කාරනාවක්. ආන්ඩුව මෙගැන තදින් ක්‍රියා කරනවනම් හොඳයි. මහ මග ගමනක් යන කොට කොහේ හරි ඉදන් බල්ලෙක් ඇවිත් හපා කාල යනවා. බල්ලව ඉතින් කොහෙ කියල හොයන්නද. සුමාන දෙකක් යනකන් බල්ල ගැන නිරීක්ශනය කරන්ට ඔනා. එව්ව ප්‍රායෝගිකව කරන්ට පුලුවන් වැඩ නෙමෙයි.
1900ට කලින් අපි මේකට ඉංග්‍රීසි ආණ්ඩුවට බැන්න..
ඊලඟට ගෙදර ඇතිකරන බල්ලටත් මාසන් 6න් හයට ගාස්තු ගෙවා බලපත්‍රයක් ලබාගන්න. ගැහුවයින් ගැහුවේ නෑ මේ වගේ කතිරයක්. 2029 වෙනකොට පිරිසකට මහා මන්දිර හදාගෙන, වැඩකුත් නොකර පුරසාරම් දොඩව දොඩව ඉන්න අපි බදු ගෙව ගෙවා පොලොවටම සමතලා වෙමු.
මේ රට පාලනය කරන්නෙ සුද්දාද? සෙරෙප්පු බද්ද ඇඟ බද්ද එන් තෙ කවද්ද? අකුලෝල මකබැවිලා පල මේ පරගැති පරදේශක්කාර ආන්ඩුව
ඊලඟ පොල දවසෙදි කොත්තමල්ලි කෝප්පෙකුත් බීල බල්ලව අරගෙන යනවා ලියාපදිංචියට
ඉස්සර බන් මුට්ටි උස්සන්න එද්දි බිරුව එකේ පලිය බල්ලන්ගෙන් ගන්නෙ දැන්ලු