IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බලය බෙදීම ගැන මාස තුනක් ඇතුලත තීරණයක්

(අංජුල මහික වීරරත්න)

බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයකදී රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

රටේ ආර්ථිකය බංකොලොත්වීම සහ තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නගන ප්‍රශ්නවලට දේශපාලඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලුදෙනාට පිළිතුරු දීමට සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය.

රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු අතර, අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බව ද කියා සිටියේය.

පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය බවත්, බිම් මට්ටමින් බලය බෙදාහැරීම පිළිබඳ ඉදිරි මාස දෙක තුන තුළදී තීරණය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

 



අදහස් (6)

බලය බෙදීම ගැන මාස තුනක් ඇතුලත තීරණයක්

Kumara Wednesday, 17 May 2023 10:47 PM

උඹව ගෙනාවේ බලය බෙදලද .හොර මයිනෝ කපුටෝ බේරාගන්නද

:       1       0

සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:15 AM

දේශපාලකයින්ගේ වැටුප සහ වරප්‍රසාද තීරණය ගැනීමේ හැකියාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඒ සදහා ජනමතය විමසන්න. මොකද උන්ගේ පඩිය හදන හැටි තීරණය කරන්න ඕන අපි. උන් නෙමේ.

:       0       1

Sunil Thursday, 18 May 2023 08:19 AM

මෙවන් පිනාධිපති කෙනෙක් සහ මෙවන් පරිපාලන නිලධාරීන් සිටින රටක ආර්ථිකය යලි ගොඩ අරගැනීම සිහිනයකට සීමා වනු ඇති

:       1       0

Bamunuarachchi Thursday, 18 May 2023 12:36 PM

මේ ගොයියාට රටේ බලය බෙදන්න් කව්ද බලය දුන්නේ? හලෝ රනිල් අපි එහෙම බලයක් දුන්නේ නැහැ. දේශපාලන ආයුෂ අඩුකර ගන්න වගේ කල්පනාව? රටේ ඉන්න දෙමල්ලු රටේ නීතිවලට අවනත උනොත් හොඳයි නේද? අපි අවුරුදු 30 යුද්දකලේ රනිල්ගේ ISGA ක්‍රීයාත්මක කරන්න ඉඩ දෙන්න නොවෙයි. දෙමළුන්ට කියන්න කැමතිනම් ඉඳපල්ලා බැරිනම් මුදට පැනපල්ලා කියලා.

:       1       2

aravinda Monarawila Thursday, 18 May 2023 02:18 PM

රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳන්න බැරි දුර්වල නිවට හා අදම පාලකයා .දැන් හදන්නේ දෙමල ජාතිවාදීන්ට කප්පම් දීලා නැවත වරක් බලය ඩැහැ ගන්නයි

:       1       2

mangala Thursday, 18 May 2023 04:00 PM

බිම් මට්ටමින් බලය නෙවෙයි පරිපාලන කටයුතු බෙදාහැරියොත් තමයි හොඳ , බදු , ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත් , විදේශ ගමන් බලපත්‍ර , සියලුම රජයේ ලිපි ලේඛණ , විද්‍යුත් මාර්ගයෙන් සාමාන්‍ය ජනතාවට ලබාගන්න හැකි වන පරිදි. බලය බෙදන්නේ මොඩයො. පළාත් සභා කියන්නේ බලය බෙදන්න කියලා ඉන්දියාවෙන් අටවපු කෙමනක්. පුංචි ලංකාවට ඔය බර දරන්න බැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site