
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බලය ලබා ගැනීමට තියෙන තියුණුම ආයුධය වන්නේ බොරුව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නමුත් ලබා ගත් බලය ඉදිරියට ගෙනයාම සඳහා ඒ ආයුධය පාවිච්චි කරන්න බැරි බවද අබේගුණවර්ධන මහතා කීය.
"ජනාධිපතිගේ අයවැය යෝජනා මමත් ඕන කමින් ඇහුවා. ආණ්ඩුවේ ඉන්න 159 ඒ කතාවට 83 වතාවක් අත්පුඩි ගැහුවා.අයවැය යෝජනාවලියේ සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් වෙච්ච හැටි කියනකොට එහෙම අත්පුඩි ගැහුවා. අපිත් ඔය පැත්තෙ ඉඳගෙන අපේ ජනාධිපතිවරු කතා කරනකොට එහෙම අත්පුඩි ගැහුවා.එහෙම අත්පුඩි ගසමින් ඉඳලා රෑ නිදිය ගත්තා. උදේ එළිවෙන කොට ගෙවලුත් ගිනි තියලා. එහෙම තමයි.අපි නොහිතපු දේවල් වෙනවා.මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන.
මේ විවාදෙදි දැඩි ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වුණු චෝදනාව කුමක්ද? ගිය වසරේ අයවැය වියදම් වලින් සියයට 50 කටවත් කිට්ටු වී නැති බව කියැවුනා.මේකට හේතුව ගැන හොයන්න.
නිලධාරීන් බය කරලා තියෙන නිසා දැන් තීන්දු ගන්නේ නෑ.පහුගිය අවුරුද්දේ මුදල් ටිකට වුණේ ඕක තමයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
568
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2266
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලය ගන්න තියෙන තියුණුම ආයුධය හෙළි කරයි