IMG-LOGO

බිලියන 13 ක් පැරැණි විශ්වයේ වර්ණ ඡායාරූප එළිදකී

වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මණ්දාකිණි පිහිටීම සහ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට නැගීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇති අතර, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේය.

වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මණ්දාකිණි පිහිටීම සහ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය දැක්වෙන වර්ණවත් ඡායාරූප ලබා ගැනීමට හැකි වුණු පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි. මීට පෙර මිනිසාට කාලය හරහා ආපස්සට විශ්වය නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබී නොතිබුණි.

විශ්වය පිළිබඳ අපගේ දැනුම තවත් පුළුල් කිරීමටත් විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමටත් මෙම ඡායාරූප තාරකා විද්‍යාඥයන්ට උපකාරී වනු ඇතැයි මාධ්‍ය හමුවේදී ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දුන්නේය.

නාසා ආයතනය වසර බිලියන 13 ක් පැරැණි විශ්වසේ දසුන් ඡායාරූපයට නැගුවේ, ‘ජේම්ස් වෙබ්’ නමැති අති නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති අභ්‍යවශ දුරේක්ෂය ආධාරයෙනි. ‘ජේම්ස් වෙබ්’ යනු අතීතයට නෙත් හෙළන දුරේක්ෂයක් යැයි නාසා ආයතනය හඳුන්වා දී තිබේ. මෙම දුරේක්ෂය නිපදවීමට වසර 24 ක් ගත විය. දුරේක්ෂය අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශයේ රැඳවීම කළේ 2021 වසරේදීය.

පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රඳවා ඇති දුරේක්ෂය, තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරයි. දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කරයි.

එසේ කළ හැකි වන්නේ මෙය රඳවා තැබෙන්නේත්, කක්ෂගත වෙන්නේත්, පෘථිවියේ සිට බොහෝ දුරකින් වීම නිසාය. වසර බිලියන 13 ක් ඈත අතීතයේ විශ්වයේ මණ්දාකිණි පිහිටි ආකාරය සහ මණ්දාකිණි නිර්මාණය වූ අයුරු ඡායාරූපයට නැගීම සිදුවූයේ ඒ අනුවය. නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂක නිපදවීමට ‘යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය’ සහ ‘කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය’ ද සිය දායකත්වය ලබා දී තිබේ.

(රොයිටර්)



අදහස් (2)

බිලියන 13 ක් පැරැණි විශ්වයේ වර්ණ ඡායාරූප එළිදකී

වීරවිජේ Tuesday, 12 July 2022 02:49 PM

අවුරුදු බිලියන 13.7ක් ආපසසට යනකොට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා ෆිල්ම් රෝල...

:       0       3

W . Gunathilka Thursday, 28 December 2023 05:21 PM

හොඳයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site