IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි

(යොහාන් භාසුර)

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස අද (3) විවෘත කළේය.

කොළඹ වරායේ බහාලුම් තදබදය පසුගිය සති කිහිපයේ රටේ වඩාත් අවදානය යොමුවූ ගැටලුවක් විය. බහාලුම් 300 කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි පරීක්ෂණ කිරීම සඳහා වරාය තුළ අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ගතවීමෙන් තදබදය ඉහළ ගියේය.

එම ගැටලුවට සෘජුව මැදිහත් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කළ කැබිනට් අනු කමිටුවේ තීරණය මත වරාය සීමාවෙන් පිට  බ්ලූමැන්ඩල් ඉඩමේ අක්කර 5 ක ප්‍රමාණයෙන් 2.5 ක කොටසක් නිසිපරිදි සකස් කර කෙටි කාලීන විසඳුමක් ලෙස ජනවාරි  මස අවසන් වන විට රේගුවට භාර දීමට තීරණය කළේය.  

වරාය අධිකාරියේ සභාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මකව මහත් වෙහෙසක් දරා මෙම අංගනය සූදානම් කළ ද බහලුම් තදබදය නැතිකිරීමේ ඉතිරි කටයුතු සියල්ල ශ්‍රී ලංකා රේගුව මත පැවරී ඇති බවයි. 



අදහස් (4)

බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි

චන්දිම Tuesday, 04 February 2025 12:11 AM

හැබැයි වැසි වතුරට යට වෙන ප්‍රදේශයක්ද යන්න ටිකක් සැලකිලිමත් විය යුතුයි. නැත්නම් ඉදිරියේදී වෙන ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් නිසා.

:       0       0

Priyantha Tuesday, 04 February 2025 06:23 AM

නිසි තැනට නිසි වෙලාවට උත්තර සොයන මාලිමා ආන්ඩුවටත් ජනාධිපති අනුර සහෝදරයාටත් ජයවේවා.

:       0       5

විශ්වබන්දු Tuesday, 04 February 2025 01:07 PM

මෙ සමගම බර වාහන රියදුරන් සහ සහයකයන් සඳහා ආපානශාලාවක සනිපාරක්ශ්ක පහසුකම් සහ විවේකාගාරයක්.

:       0       4

ව්ශ්වබ්න්දු Tuesday, 04 February 2025 01:14 PM

ආපානශාලා සනිපාරක්ශක පහසුකම් සහ ව්වෙකාගාරයක් අත්‍යවශ්‍යයි. මේක ටෙන්ඩර් මාර්ගයේන් තෝරාගත් අයෙකුට විධිමත් ව්දියට පාලනය කරන්න .එසේ නොවුන්නොත් ලංගම ව්වෙකාගාරයන් වගේ ජරාවාස වේවි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site