(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කොළඹ වරාය නගරයේ ඉදිකළ ඇවිදීමේ මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද (9) විවෘත කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණී. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.
මෙම ඇවිදීමේ මංතීරුව හෙට (10) සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමට අවස්ථාව ලැබේ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බලන් වරාය නගර සුන්දරත්වය
siri Sunday, 09 January 2022 05:52 PM
ඇස්බැන්දුම් වලට මේ ගොල්ලෝ හරිම දක්ෂයි...
vinividaMonday, 10 January 2022 03:34 AM
භුගෝලීය පිහිටීම අනුව ගෝලීය මුල්‍යමය සැපයුම් සහ ආර්ථික වටිනාකමක් ලැබීමට සහ ලෝකයේ බලවත් රටවල් සමග සමීප සබඳතාවන් ශක්තිමත් කරගැනීමට නම් කොළඹ වරාය නගරය ආසියානු පැසිපික් කලාපය, මැදපෙරදිග, යුරෝපය සහ උතුරු ඇමෙරිකානු කලාපයේ රටවලටද සමාන අවස්ථාවන් ලබා දීම තුල ශ්‍රී ලංකාවට අනාගතයේ ධනාත්මක ප්‍රතිපල ලබාගත හැකිවනවා පමණක් නොව ලෝකයේ බලවත් මුල්‍ය සමාගම් ලංකාවේ අයෝජනය කිරීමට පවා හැකියාව සහ උනන්දුව ලැබෙනු ඇත. සියල්ලටම පෙර ලංකාවේ අස්ථාවර දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුවේ
SujeewaMonday, 10 January 2022 05:26 AM
නම නියමෙට හරියනවා...
නිමල් Sunday, 09 January 2022 06:38 PM
රනියා මොකද දැං දැං මේ ලඟින් ලඟ... යනවා පෙනෙයි අඩි තබමින් ලඟින් ලඟ.. හෙට අනිද්දා වෙනවයි කියනා සද්ද... ඇත්තද මන්දා හිස කුරුවල් නොම වෙද්ද...
ගමේ එකාලා Sunday, 09 January 2022 07:12 PM
කොළඹට කිරි, ගමට කැකිරි කියන්නේ මේවට . ගමකට හරිහමන් පාරක්, පාසැලක් නැහැ. ඔක්කොම සෝබනේ නගරෙට.. මේවායින් දේසපාලුවන්ගේ සාක්කුවටත් ගාණක් එනවනේ?
gagana Sunday, 09 January 2022 09:09 PM
ගමේ එකාලා වෙත - බිස්නස් හබ් නැතහොත් සෙන්ට්‍රල් බිස්නස් ඩිස්ට්‍රික්ට් කියන දේ සමග ගම පටලවාගන්න එපා මහත්තයෝ... ආයෝජකයින් ගමට ආවොත් ඔවුන් ගම කයි. නගරෙට ආවොත් කන්න දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ නගරෙයි, ආර්ථිකෙයි. ආර්ථිකේ නොකෑවොත් ගමටත් කිරි. දැන් අපි ඔක්කොම කැකිරි සීන් එකේ කිරි එනකන් බලන් ඉන්නවා...
C.K.Lankaputhra. Sunday, 09 January 2022 09:22 PM
වරාය නගරය දිහා බලන් හිටියාම බඩ කට පිරෙනවානේ.., අපට නැතත් වෙන අයගේ...
Kumar (Gulf) Sunday, 09 January 2022 11:52 PM
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ.
Prabha Monday, 10 January 2022 03:56 AM
මේ මොන මගුලක්ද මේ ඇවිදින මංතීරු මේනියාව.බස් ,කොච්චි පස්සේ දුවන ,කුඹුරු කොටන අපේ මූලික අවශ්‍යතා මේ ගවයාට තේරෙන්නේ නැද්ද
Hafeel Monday, 10 January 2022 08:49 AM
රනිල් ගිහින් ඉන්නේ සීනි නැතුව කළු කෝපි බොන්න ඇති.. රනිල් මෙහෙ ආණ්ඩුව එක්ක විනෝද වෙනවා...!!!
Bunny Preena Monday, 10 January 2022 09:04 AM
නගරබද දියුණු කරනවා වගේම ඊට සමගාමීව ගම්පළාත්වලත් තියෙන අඩුපාඩු නැති කරලා ආර්ථිකය සවිමත් වන විදියට සංවර්ධනය කලොත් හොඳයි.
ase Monday, 10 January 2022 09:30 AM
ගල් අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි? කොහොමද අපට අසිරි ?
duminda Monday, 10 January 2022 10:37 AM
දැක බලා අනුමෝදන් වෙන්න තමා තියෙන්නේ.
kamal Monday, 10 January 2022 01:05 PM
මේකෙන් ඩොලර් මිලියන කීයක් විතර ගහ ගන්න ඇතිද?
LIya Monday, 10 January 2022 01:19 PM
කොහොමද ඇන්දිල්ල . මේ පවුල හැමදාම කලේ ඕක... නාමල් බෙබ් ඔතනට අදාල නැ.
eranga perera Monday, 10 January 2022 01:59 PM
ඩොලර් හිඟයක් තිබෙද්දී නේද කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තයේ අනාගත වැඩ වලට චීනෙට ඩොලර් මිලියන 50ක් ගෙවල තියෙන්නේ දෙසැම්බර් මාසේ
Jayasumana Monday, 10 January 2022 02:37 PM
මේ වෙලාවේ රටට අවශ්‍යම දෙයක්.
Attha de Monday, 10 January 2022 07:10 PM
ශෝක් අනේ.., ඔබතුමන්ලා වගේ අය රටට ගොඩක් වටිනවා... මේ වගේ සුන්දර පරිසරයක් අපට බලන්න සැලැස්සුවට පින්...!!!
pakeer Monday, 10 January 2022 07:27 PM
සේල් Sail (sale) ලංකා... නම නියමයි.
kamal Tuesday, 11 January 2022 08:12 AM
කරගත්ත විනාශයේ මහිමේ බලන්න එන්න පවුල් පිටින් බස් අරගෙන. සාදු කාරෙකුත් දෙන්න ඇවිල්ලා.
fairoos Tuesday, 11 January 2022 12:57 PM
සර් පාස් කොහොමද වැඩ?කෝ බයියෝ පෝලිමේ ඉඳගෙන කෑ ගහන් නැතුව එන්න කොළඹට නරභාන්න