(ලක්මි කුඩලිගම සහ නයනදුල සෙන්දනායක)
බුලත්සිංහල උඩුගලකන්ද රජයේ රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් වල්ලපට්ට දැව කොටස් එක්රැස් කරමින් සිටි කණ්ඩායම් දෙකකට අයත් පුද්ගලයන් හය දෙදෙනකු වල්ලපට්ට කිලෝ හයක් සහ එම දැව කොටස් කැපීමට භාවිතා කරන කැති පිහි පොරොව ඇතුළු ආයුධ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව අඩවි වන නිලධාරිහු කියති.
සැකකරුවන් අයගම සහ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් වල්ලාපට්ටා කැපීම දීර්ඝකාලීනව සිදු කර ගෙන ගොස් ඇති කණ්ඩායමක් බවට සැක කෙරෙන අතර වල්ලපට්ටා කැපීම සඳහා ඔහුන් වෙන මම සකස් කරන ලද මන්න පිහි පොරව ආදී භාවිතා කර ඇති බව.අඩවි වන නිලධාරීන් පවසයි.
මෙම කණ්ඩායම් කැලෑව තුළට ඇතුළු වී වල්ලපට්ටා ගස් වල කොටස් හොර රහසේ කපමින් එම ශාඛවලට හානි කරමින් එක්රැස් කර විකිණිමේ ජාවාරමක නිරත වන බවද අඩවි වන නිලධාරීන් පවසයි.
වල්ලපට්ටා තොගය වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර මෙම වැටලීම ඉංගිරිය අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන් බුලත්සිංහල බීට්ටු වන නිලධාරි ඩීපි.වරුෂවිතාන ,වන ක්ෂේත්‍ර සහකාර නුවන් සමීර ,ලලිත් ගුනරත්න, සජිත් විජේනායක ඇතුළු නිලධාරීන් විසින් සිදුකර ඇති අතර සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බුලත්සිංහල කැලෙන් වල්ලපට්ට කපලා