IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු

(ගයාන් සූරියආරච්චි සහ ඩී ජී සුගතපාල)

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු  පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව  ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 හා 33  වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේදී පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  හක්මන පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි. 

ඒ අනුව පස් දෙනෙකු වෙඩි  තබා ඝාතනය කිරීමෙන් අනතුරුව එම ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සඳහා ආධාර අනුබල දීම යටතේ සැකකාරියන් දෙදෙනෙකු රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරාධය සිදුකිරීමෙන් අනතුරුව එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක කරා පිටියේ සිට බූස්ස ප්‍රදේශය දක්වා ප්‍රවාහනයකට ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.



අදහස් (1)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු

sachith Tuesday, 30 January 2024 10:40 AM

පෙර ,පසු කට්ටිය අල්ලයි .හැබැයි වැඩේ කරපු වැඩේ කරන්න සැලසුම් කරපු කට්ටියව නම් කවදාවත් අල්ලන්නේ නෑ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site