(අංජුල මහික වීරරත්න)
කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.
එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත.
මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේවැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.
මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරයි.
අදාල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.
මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක් ද නම් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේරේ වැව සුවඳ කරන්න සමාගමකට පවරයි
ravin Saturday, 26 August 2023 07:31 AM
හොඳ අදහසක්... යස අදහසක් කොළඹට නම්. ඒත් රටම ගඳගස්සන අයවත් ඔය ආකාරයටම පිරිසිදු කරන්න බැරිද?
සංඛ Saturday, 26 August 2023 08:33 AM
මේක නම් නියම වැඩක්...
Lankaputha Saturday, 26 August 2023 09:29 AM
මොකක්ද ව්‍යාපෘතිය...?
විජේ Saturday, 26 August 2023 09:34 AM
නම් ගම් භාවිතා නොකර හොරාකන ක්‍රමයක්... මේ වෙලාවේ කරන්න ඕනෙ දේවල්ද මේ?
Perakum Saturday, 26 August 2023 02:47 PM
මෙච්චරකල් හිටිය එකේ තව පොඩ්ඩක් ඉවසන්න බැරි ඇයි? කොහොමද තෝරගත්තේ? ටෙන්ඩර් කැඳෙව්වද? කොමිස් කීයද? කාට කාටද කොමිස් යන්නේ? කෝ ඔය කියන පාර දෘශ්‍යභාවය?
Mangala Saturday, 26 August 2023 03:01 PM
මේ වෙලාවේ ඕවද ඕනෑ..?
Lalla Saturday, 26 August 2023 05:48 PM
ලංකාවේ සියලු ජල මාර්ගවලට එකතුවෙන මලාපවාහිනී පද්ධති නවත්තන්න පියවර ගන්න. ඒක කළොත් රට නිකම්ම ආකර්ෂණය තත්ත්වයට පත්වෙනවා. අනික වැව් සහ ඇල මාර්ගවල නෑමේදී සබන් වර්ග සහ රෙදි සෝදන ද්‍රව්‍ය භාවිතය තහනම්. අත්‍යාවශ්‍ය දේවල්. ජල සම්පත රැක ගැනීමට අවශ්‍ය පියවර...
විජේ Saturday, 26 August 2023 10:47 PM
පුලුවන්නං හැමෝම මේ සමාගම ගැන ටිකක් හොයලා බලන්න. වෙබ් පිටුවනන් මෙලෝ රහක් නෑ. ඒ මදිවට සිංගප්පූරුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ, ඒකත් 2018 අන්තිමට. ඉංග්‍රීසි භාවිතාකරලා තියෙන්නෙත් ඉංග්‍රීසි භාවිතාකරා කියන්න වගේ. ලින්ක් වැඩ නෑ. අඩුමගානේ දාලා තියන ටෙලිෆෝන් නොම්මරේවත් වැඩ නෑ. මේවා හොරාකෑමේ වෙනස් ක්‍රම...
Nishadi Jayakody Sunday, 27 August 2023 07:36 AM
මලාපවාහිනී පද්ධති නවත්තන්න පියවර ගත්තොත් රස කොරලි, තිලාපියාත් කාලා හමාරයි..
උදිත අමිත් Sunday, 27 August 2023 10:45 AM
හොඳ අදහසක්...