IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බූරු මුනාට රැකවරණ දුන් යුවළ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නවයකට අවශ්‍යව සිටි "බුරු මුනා" නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන අඹු සැමි යුවළක් නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බව නුවරඑළිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදා සෙබළකු වන මිල්ලනිය මල්වත්ත පාර පදිංචිකරුවෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදාවේ සේවයට වාර්තා නොකර සිටි පුද්ගලයෙකි.

බුරු මුනා නමැත්තා ඉකුත් මස 24 වැනි දින මෙම සැකකරු සමඟ කටුනායක ගුවන්තොටුපල වෙත ගොස් කෝරළගේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග යන ව්‍යාජ නමකින් ඩුබායි රට බලා යාමට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත බාර දී තිබිණි.

 



අදහස් (0)

බූරු මුනාට රැකවරණ දුන් යුවළ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site