IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බොරළුකන්ද විහාරය ඉදි කිරීමට එරෙහි විරෝධයට වාරණයක්

(අමදෝරැ අමරජීව )

නිලාවේලි බොරළුකන්ද රජමහා විහාරයේ ඉදි කිරීම් වලට එරෙහිව අද (01) ඉලුප්පුකුලම්හි පැවැත්විමට සුදානම්වු විරොධතාවයක් වාරණයට ලක් කරමින් ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත්  එම්.ආර්.අන්පාර් මහතා වග උත්තරකරුවන් අට දෙනෙකුට  නියෝගයක් නිකුත් කලේය.

නිලාවේලි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වාර්තාව සලකා බැලිමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කෙරිණි.

මේ අනුව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන  රාසමානික්‍යන් චානක්‍යන් ,ගෝවින්දන් කරැණාකරන් දෙමල ජාතික සංධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක සම්මුගන් කුගදාසන් ,දෙමල ජාතික ජනතා පෙරමුණේ තරැණ බලකායේ නායක ක්‍රිෂ්ණපිල්ලේ  ශ්‍රි ප්‍රසාද් ,දෙමල සභාව නැමැති මූල ධර්මවාදි සිවිල් සංවිධානයේ සභාපති ආර්.ජෙරොම් මාස්ටර්,එම සංවිධානයේ ලේකම් රමේෂ් නිකලස් ,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොන්නයියා වෛද්‍යලිංගම්,ඉලුප්පුකුලම් පදිංචි නාගරත්නම් තිලකේෂ්වරන් යන අයට මෙම වාරණය නිකුත් කර තිබේ.

 

       

 



අදහස් (3)

බොරළුකන්ද විහාරය ඉදි කිරීමට එරෙහි විරෝධයට වාරණයක්

කිරිපුතා Sunday, 01 October 2023 03:01 PM

මෙයා ආපු ගමන්ම තමයි කොටි වලිගේ උස්සගෙන දඟලන්න ගත්තේ...!

:       3       21

Dinesh Sunday, 01 October 2023 07:26 PM

කොහොමත් එක කට්ටියකගේ බලය අඩුවෙන කොට කොටි නැගිටින එක සාමාන්‍ය දෙයක්... ඒත් හැමදාම වගේ ඒ අයට කඩේ යන කිරිපුතාවගේ අය රටට සාපයක්..

:       9       8

රංජිත් Sunday, 01 October 2023 07:05 PM

ජාතිවාදය අවුස්සලා එයාලත් ඡන්දය ගන්න හදන්නේ... ඒකෙන් මෙයාලාටත් වාසියි ඉතිං... ශ්‍රී ලාංකික ජනතාව තමයි අමාරුවේ වැටෙන්නේ...!

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site