IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බූරවී සුළි කුණාටුව විනාශය අරඹයි

(රොමේෂ් මධුෂංඛ)

බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිපයකට අද (02) සවස හානි සිදුව ඇති අතර  පුද්ගල අතුරුදන්වීමක්ද වාර්තා වී ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියි.

අතුරුදන් වී ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකි.

අධික සුලි සුලං තත්වයක් බලපා ඇති අතරම ධීවර යාත්‍රාවලටද හානි සිදුව ඇත.

උතුරු පලාතේ යාපනය , මුලතිව් , කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ප්‍රදේශ කිහිපයක මෙලෙස සුලි සුලං හා වර්ෂාව හේතුවෙන් හාන් සිදුව ඇති බවට වාර්තා වී තිබේ.

කන්දපුරම් ප්‍රදේශයටද බලපෑ අධික සුලි සුලං තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීම නිසා නිවාස රැසකට හානි සිදුව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි,

එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේද කෝකිලායි, තන්නිරුත්තු, මුල්ලියාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයකට අධික සුලං තත්වයක් ඇති වීම නිසාවෙන් නිවාස කිහිපයකට සුලු හානි සිදුව ඇති අතරම මුලතිව් මුල්ලියාවලෙයි  ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුද අඩාල වී ඇති අතර යුද හමුදාව එක්ව වැටුනු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටිති.



අදහස් (0)

බූරවී සුළි කුණාටුව විනාශය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site