IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බේරුවල බහුදින යාත්‍රා 40 ක ඩෙංගු කීටයින්

(සුමිත් පොතුපිටිය )

බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා 40කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සදහන් කරයි.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සහ බේරුවල  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය එක්ව අද සිදුකළ මෙහෙයුමකදී ඩෙංගු කීටයින් බෝවී ඇති බහුදින යාත්‍රා හදුනාගත් බව සදහන් වේ.

වෙරළ ආරක්ෂක බළකායට  අයත් නිළධාරීන් නාවික හමුදා අධිවේගී යාත්‍රා උපයෝගී කරගනිමින් මෙහෙයුම සිදුකර ඇත.

බේරුවල, මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ධීවර පවුල් කිහිපයක් ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් සොයාබැලීමේදී බේරුවල ධීවර වරාය මුල්කර ගනිමින් රෝගය බෝවන බවට නිරීක්ෂණයවී මෙහෙයුම සිදුකර ඇති බව සදහන් වේ.

ඒ අනුව දැඩිලෙස සෞඛ්‍ය  උපදෙස් කඩකල බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට නඩු පැවරූ බවද සදහන් වේ.

 



අදහස් (0)

බේරුවල බහුදින යාත්‍රා 40 ක ඩෙංගු කීටයින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site