IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බොරලැස්ගමුවේ අමුතු සාදයක් වටලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුදලට ගත් සුරූපී නළඟනන් සිවුදෙනකු සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් අතර බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු  පුතුන් ද වන බව පොලීසිය කියයි.

සැකකරුවන් සමග හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 600ක්, හඳුනා නොගත් මත් පෙති වර්ග තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

දින එකහමාරක් පුරා අඛණ්ඩව බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ නිවසක පිරිසත් එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණියන් කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියන් බවත් ඇතැයිද ජාවාරම්කරුවන් දෙදෙනා එම සුරූපී නළඟනන් සාදය සඳහා මුදලට ගෙන්වාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාරියන් සිව්දෙනා කොළඹින් දුරබැහැර පදිංචිකාරියක් බවත් සැකකරුවන් කොළඹ අවට පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

සියලුම සැකකරුවන් සහ සැකකාරියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (1)

බොරලැස්ගමුවේ අමුතු සාදයක් වටලයි

"මත්ත-දීපය" Friday, 23 December 2022 11:07 PM

කසිප්පු කාලක් බීපු එකෙක් පොලිසියෙන් ඇල්ලුවහම ඒවා පෙරපු එකා සොයාගෙන ගොස් ඌව අල්ලලා මාංචු දාලා එතැන තියෙන බැරල් සියල්ලම ක්‍ෂණිකවම විනාශ කරලා දමයි..! ඒත් එම පොලිසියෙ මහත්තුරුම මේ බොරලැස්ගමුවේ අමුතු සාදයෙ මත්කුඩු ගහපු එකා ඇල්ලුව ගමන්ම එතැනදිම ඌට මාංචු දාලා අරන් ගිහිල්ලා හිරේ දමයි... නමුත් මත්කුඩු ගෙනාපු එකාගෙ නම දැන දැනත් එකා සොයා නොයයි...!

:       6       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site