(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද උදේ බොරැල්ල ලෙස්ලි රනගල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් එකක් වන කැලණියේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පිරිසුදු කිරීමේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පැමිණ සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.
යතුරු පැදියෙන් පැමිණි වෙඩික්කරුවන් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොරැල්ලේ වෙඩි තැබීමක්:අයෙක් මරුට