
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා ද සමග සිටී කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයේ අඹුසැමි යුවළක් පමණක් පදිංචිව සිටින නිවසකින් අධික දුගඳක් හමන බවට පානදුර දකුණ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් පිරිසක් එහි ගොස් තිබේ.
පොලිස් කණ්ඩායම් එහි යනවිට මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිද නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති බවත් ඒවා කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඇදක් මත මුනින් අතට තිබූ මළසිරුර සොයාගත් බවත් පොලිසිය කීය.
අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති (52) හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙලෙන බවට සැක පලකරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය

.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරිය මියගිය සැමියාගේ සිරුර දින තුනක් නිවසේ තියාගෙන ඉදලා