
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී අද අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව තිබුනේ එල්බොඩ කටුපිටිය, පබේගම ජන උදාන ගම්මාන පදිංචිව සිටි සදාසිවම් නිරංජලා 25 නමැති කාන්තාවයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර උඩුපුස්සැල්ලාව , සොගමාවත්ත , ඩි සි 4 කොටස ලඳු කැළෑවක තිබියදී සොයාගත් බව පොලිසිය පොලිසිය කියයි.
මළ සිරුර තිබූ ස්ථානයට මීටර් පනහක් පමණ ඈතින් පුස්සැල්ලෑව රෝහල කරා යන අතුරු පාරක් ද ඇතැයි පොලිසිය කියයි,
ලණුවක් වැනි දෙයකින් ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවට බැලූ බැල්මට දක්නට ලැබුණ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම කාන්තාව සමඟ මීට වසරකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර දෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කාමරයක කල් ගෙවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අඹු සැමි යුවළ කොළඹ සිට පුස්සැල්ලාව තෙක් පැමිණ ඇති අතර සැකකාර පරිගණක ඉංජිනේරුවරයා කාන්තාවගෙන් දික්කසාදය සඳහා කැමති වන ලෙස ඉල්ලා පුස්සැල්ලෑව නගරයේ දී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව සැකකරු කොළඹ පැමිණ බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරිය ඝාතනයට පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවට
Lalla Monday, 06 March 2023 04:40 PM
මූ මොන විශ්ව විද්‍යාලයට ගිය එකෙක්ද හොයල බලන්න. ඉස්කෝලෙට වත් ගිය එකෙක් නොකරන වැඩක්