IMG-LOGO

බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.

බොරැල්ල කන්තේ නවතා තිබූ ඩබ්ලිව් පී කේ වයි 8732 දරන මෝටර් රථය තුළ ගෙල සිරකර සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් එම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සහාය සදහා බ්‍රයන් තෝමස් යන අයගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ 07 මල්පාරේ පිහිටි නිවසින් ඉකුත් 15 වැනිදා සවස පිටත්ව ඇති දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ බිරිඳ දුරකතනයට ලද සංඥාවලට අනුව ආයතන නිලධාරියකු බොරැල්ල කනත්තට පිටත් කර යවා ඇති බවත්, එහිදී මෝටර් රථය තුළ දෙඅත් බැද වයරයකින් ගෙල සිරකර සිටි දිනේෂ් මහතා සොයාගෙන ඇති බවත් බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (5)

බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්

Sds Friday, 16 December 2022 10:20 PM

ක්‍රිකට් බලු වේවිද ?

:       0       32

C.K.LankaputhraSaturday, 17 December 2022 04:39 AM

ක්‍රිකට් වලටත් දේශපාලනය රිංගලා...

:       0       4

NalakaSaturday, 17 December 2022 04:44 AM

දැනටමත් වෙලා ඉවරයි. ඔය ටීම් එකට යන්න පුළුවන් ක්‍රිස්තියානි නම් විතරයි. මොන වැඩේ කරත්, ඒක සාධාරනීකරණය කරන්න බුකියේ රෑනක් ඉන්නවා. හැබැයි බෞද්ධ හරි, හින්දු හරි කෙනෙක්ට මොනවා වුණත් ඔවුන් මිනීමරුවන් තරම් අපරාධ කාරයින් කියලා හංවඩු ගහන්නත් ඔවුන් හරිම දක්ෂයි. ඉතින් මේ රටට හරියයිද..?

:       2       9

ajith Friday, 16 December 2022 11:03 PM

මෙවැනි අපරාධ සිදුවන රටකට හොඳ සිහියෙන් සිටින කිසිම විදේශ ආයෝජකයෙක් පැමිණෙන්නේ නැහැ.

:       0       7

Demuni de Silva Saturday, 17 December 2022 06:11 PM

ආයෝජකයින් රට තුළට එනවාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site