( සුමිත් පොතුපිටිය)
බිරිදගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර , රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල් ගතකල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය , මාරගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරු 2023 අප්‍රේල් 10 දා රාත්‍රි සිය බිරිඳ වන එම් බී කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සදහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
ඇයගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 2023 මැයි මස 7 දා මියගොස් ඇති බව පොලිසිය කීය.
ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කල පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරියගේ මරණයට මාස 10කට පසු සැමියා අත්අඩංගුවට