IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බරපතළ තුවාල ලැබූ සිසුන් කොළඹ ගේන්න ගුවන් හමුදා සහය

 

(අංජුල මහික වීරරත්න)

නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙි.



අදහස් (23)

බරපතළ තුවාල ලැබූ සිසුන් කොළඹ ගේන්න ගුවන් හමුදා සහය

Tharidu Friday, 20 January 2023 10:29 PM

කැබිතිගොල්ලෑව වගේ ප්‍රදේශයක පාසලක ළමයි ගිය බස් රථයක් අනතුරකට ලක් වුණොත් මේ වගේම කරයිද?... ළමයි කවුරුවත්ම මිය ගිහින් නෑ... ඒක නිසා කමක් නෑ කියලා හිත් සනසාගන්න මිනිස්සු ඉන්න අරුම පුදුම රටක් මේක...

:       1       1

AB Friday, 20 January 2023 10:57 PM

හදිසි අවස්ථාවන් සඳහා ලංකාවට උතුර, මධ්‍යම සහ දකුණු පළාත් ආවරණය වන පරිදි Air Ambulance සේවයක් අවශ්‍ය වේ.

:       0       1

ඉන්දික Friday, 20 January 2023 11:08 PM

ළමයි සියළුම දෙනා සුළුතුවාල විතරයි කියද්දී, ඇයි බරපතල තුවාල වුණු වෑන් රථයේ සහ ත්‍රීරෝදයේ ඉතුරු අයව කොළඹ ගේන්න බැරිද? කොළඹ ළමයි නිසාද විශේෂ සැලකිලි... මුලින්ම අසාධ්‍ය අයව ගෙනත් ප්‍රතිකාර කරන්න..

:       0       1

ganegoda Saturday, 21 January 2023 12:20 AM

කිසිම දවසක සිද්ද වෙච්ච් අනතුරක් ගැන කතා නොකරපු කෙනෙක් අද අනතුරක් ගැන කතා කරනවා.

:       0       0

Kumara Saturday, 21 January 2023 12:58 AM

ඒවා ගැන රටේ ඉන්න වෛද්‍යවරු බලා ගනී.

:       0       0

sathyapala Saturday, 21 January 2023 02:50 AM

මේක තමයි රටේ තත්වය. පාසල් ළමයින්ට බරපතල තුවාල නැතත් ඔවුන් කොලබට ගෙනෙන්නට ගුවන් යානා. හේතුව ඔවුන් ලොකු ඉස්කෝල වල දරුවන් නිසා.මේ ඉස්කෝලවල ඉගෙනගෙන දේශපාලනයේ ඉන්න ඉහල අය තම පාසලට විශේෂ උදවු කිරීම. අවාසනාවක තරම. මියගොස් ඇත්තේ වෑන් රථයේ සහ ත්‍රීවීල් රථයේ අය. ඔවුන් පහසුකම් සහ බෙහෙත් නැති ගමේ රෝහලේ මියැදුනාවේ. ලොකු පාසල්වල ළමයින් ඉක්මනින් කොලබට ගෙනත් සීරීම් තුවාල වලට බෙහෙත් දැමීමට රටේ ඉහලම අයගේ උනන්දුව. මේ බලපෑම කෙතරම්ද යත් ලොකු ඉස්කෝලේ අය ආව නිසා බස් රථයේ රියදුරා බිමත්ව සිටියත් අධික වේගයෙන් ධාවනය කර තිබුනත් ඒවා සියල්ල දැන් සගවා අවසන්.

:       28       55

ලුම්බිණි Saturday, 21 January 2023 11:20 AM

සහතික ඇත්ත.

:       0       7

ලසන්ත Saturday, 21 January 2023 01:31 PM

සත්‍යපාල කියලා තියෙන්නෙ හරිම දෙයක්. ඒකට ඩිස්ලයික් දමා තිබීම නීචම නීච ක්‍රියාවක්, මොකද බසයක් යන්න බැරි මාර්ගයේ තිරිංග ශක්තිමත් නැතිව අධික වේගයෙන් (සමහර විට මත්ද්‍රව්‍ය පාවිච්චියට ගෙන තිබුනද දන්නෙත් නැහැ ) ගොස් මාර්ගය අයිනේ නවතා තිබුන වාහන දෙකක හැපිල ඒවායේ හය දෙනෙක් මැරිලත් ඒ ගැන නොසොයා සීරීම් පමණක් ලැබූ ළමුන් කොළඹ ගේන්න ජනතා මුදල් යොදාගෙන හෙලිකොප්ටර යැවීම අනුමත කරනවා තරම් තවත් නීච ක්‍රියාවක් තවත් තියෙන්න පුළුවන්ද?

:       0       9

NimalSaturday, 21 January 2023 06:34 PM

බසය රාත්‍රී කාලයේ පැමිණ මෙම අනතුර සිදු නොවුනානම් මෙවැනි අදහස් පල වන්නේ නැත. මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමකි බොහෝ අවස්ත්වන්හිදී පාසල් සිසුන් සමග සංචාරය යන්නාවූ අවස්ත්වන්හිදී විශේෂයෙන් O/L සහ A /L සිසුන් කාලසටහන් අනුව සියල්ල සිදු නොකරයි. බස් රථයේ රියදුරුට හෝ ගුරුවරුනට චෝදනා කිරීමෙන් පලක් නොමැත.

:       2       0

මිත්‍රසේන Saturday, 21 January 2023 04:20 AM

කොළඹට කිරි ගමට කැකිරි කියන්නෙ ඕකට තමයි. දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් දෙන්න ඕන තමයි ඒත් සිසුන්ට පමණක් නොවෙයි අනෙක් අය ගැනත් බලන්න ඕන මෙහිදී කියවෙන්නේ එම ප්‍රදේශයේ අයට තමයි මරණ සිදුවෙලා තියෙන්නෙ ඒගැන මොකුත්ම කියලා තිබේද මෙහි දකින්නට නැහැ ඔවුන්ටත් සාධාරණයක් කරන්න මෙහිදී බසයකට යාමට නොහැකි මාර්ගයක ඉක්මනින් ආපසු ඒමට බසය ධාවනය කිරීමෙන් මෙය සිදුවුනාද කියලා ප්‍රවෘත්ති කියද්දී සිතුනා.

:       3       64

swene Saturday, 21 January 2023 05:02 AM

නානුඔය මොකද වුණේ?

:       2       10

Kumara Saturday, 21 January 2023 06:18 AM

මොකද්ද මේ කියන්නේ? එතකොට අනිත් වාහන දෙකේ ඉඳලා බරපතල තත්ත්වයේ ඉන්න අය මනුස්සයො නෙමෙයි ද?

:       1       54

Sunil Saturday, 21 January 2023 07:41 AM

නැවතත් සුපුරුදු ලෙසම කොළඹට කිරි, ගමට කැකිරි.

:       1       39

ජයරත්න Saturday, 21 January 2023 08:27 AM

ඒ තීරණය ඉතාහොද දෙයක්

:       38       9

pakeer Saturday, 21 January 2023 08:48 AM

ඒ වගේ තීරණයක් ගන්න රනිල්ම ඕනෙද.?

:       2       29

SunilSaturday, 21 January 2023 12:20 PM

රනිල් මේ තීරණය අරන් තිබෙන්නේ කොළඹ සිසුන් ගැන විතරයි. එයාගේ මානසිකත්වය එයින්ම පේනවා.

:       0       6

චින්තක Saturday, 21 January 2023 01:20 PM

රනිල් ඕන නැහැ තමයි ඒත් මෙතෙක් ලංකාවෙ හිටපු ජනාධිපතිලා අතරින් ප්‍රේමදාස මහතා හැරෙනවිට වෙනත් කෙනෙක් මෙහෙම තීරණ අරගෙන නැහැ නේ.

:       4       1

sampath Saturday, 21 January 2023 11:36 AM

පළාත් නවයටම ජාතික මට්ටමේ රෝහල් 9 ක් හදන්න අනෙක පාසල් සිසුන් වගේම අනෙක් මිනිස්ුසත් හොඳ ප්‍රතිකාර ලැබිය යුතුයි. පාසල් බස් රථේ වරදින් නේද අනෙක් අය මියගියේ. ඒ අයට වන්දි ගෙවීමට කඩිනමින් පියවර ගන්න ඕනි. වෑන් එක බස් එකේ හැපුනා නෙවෙයිනේ. බස් එක ගිහින් වෑන් එකයි ත්‍රීවීල් එකෙයි හැපුන එකනේ වෙලා තියෙන්නේ.

:       0       5

Sisira Saturday, 21 January 2023 12:22 PM

අවස්ථාවාදී දේශපාලකයා.

:       0       5

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 21 January 2023 12:50 PM

නැතිබැරි කාගෙවත් හව්හරනක් නැති අහංසකයො ටිකකුත් ඊයෙ අනතුරින් මැරෙන්න ඇති....පව්... ජාති..ආගම්...පංති කුල...මල බේද නෙමේ මිනිසත්කම වෙනුවෙන් හැම ජිවිතයකටම වටිනාකමක් දෙන්න...

:       0       7

Sahan Saturday, 21 January 2023 02:30 PM

දේශපාලුවන්ට ඕනි මිනිස්සුන්ව බෙදන්න. එක එක ජාතින් අතර තරහ ඇති කරන්න. එහෙම කරේ නැතුව උන්ට පැවැත්මක් නෑ. හැබැයි බහුතරයක් ඕක තේරුම් අරන් නිසා මුන්ට වැඩි පැවැත්මක් නෑ

:       0       1

W.H.White Saturday, 21 January 2023 02:56 PM

ඉහළින් අදහස් දක්වා ඇති නෝනාවරු සහ මහත්වරුන්ට දරුවන් ඇතැයි නොසිතමි. ඉහත අදහස් අනුව මට හැඟෙන්නේ, ඔවුන් හට දරුවන් ඇත්තේ නම් රාත්‍රියේ ඔවුන් ගමන් ගත් බස් රථය ප්‍රපාතයකට පෙරළුණු බැව් සඳහන් ප්‍රවෘත්තියක් අසා කිසිදු කැළඹීමක් නොපෙන්වා උපේක්ෂාවෙන් කටයුතු කරනු ඇති බවය. ප්‍රපාතයකට වැටුණු බස් රථයක ගමන්ගත් බරපතළ තුවාළ ලැබූ දරුවන් ඉක්මණින් හොඳ ප්‍රතිකාර ලබාදීමට ගුවන්යානා සැපයීම වැනි අති දුෂ්ඨ ක්‍රියාවන් කරන ජනාධිපතිවරයා වහා ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.

:       8       0

සුද්දා Saturday, 21 January 2023 06:36 PM

අදහස කියව්වාම කියන්න තියෙන්නෙ වහාම මුල්ලේරියාවෙ රෝහලේ නැවතී ප්‍රතිකාර ගන්න කියලා තමයි එහෙම අසනීපයක් නැහැ කියලා හිතෙනවා නම් නැවතත් ඉදිරිපත් කල අදහස කියවා බලන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site